Bestweb 2018
Bestweb 2018

අගමැති නිල සංචාරයක් සඳහා වියට්නාමය බලා පිටත්ව යයි

අගමැති නිල සංචාරයක් සඳහා වියට්නාමය බලා පිටත්ව යයි

By Sakila Udayakumara

15 Apr, 2017 | 6:13 pm

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තෙදින නිල සංචාරයක් සඳහා ‍වියට්නාමය බලා පිටත්ව ගොස් තිබේ.

අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයක දැක්වුණේ, වියට්නාම අග්‍රාමාත්‍ය ගුයෙන් ෂුඑන් ෆු මහතාගේ ආරාධනයක් පරිදි මෙම සංචාරය සිදුවන බව ය.

වියට්නාමය හා ශ්‍රී ලංකාව අතර සබඳතා තහවුරු කිරීම, වෙළෙඳ ආර්ථික කර්මාන්ත ආදී ක්ෂේත්‍රයන් තුළ නව සබඳතා ඇති කර ගැනීම සංචාරයේ අරමුණ ය.

මෙම සංචාරයේදී අග්‍රාමාත්‍යවරයා ඇතුළු ධූත පිරිස වියට්නාම අග්‍රාමාත්‍යවරයා ඇතුළු ඉහළ පෙළේ නායකයින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිත බව අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් ය.

මෙම සංචාරයට අමාත්‍ය මහින්ද අමරවීර, හරීන් ප්‍රනාන්දු, මනෝ ගනේෂන් යන අමාත්‍යවරුන් ඇතුළු පිරිසක් එක්ව සිටිති.