සමහර අයනම් බලාගෙනත් හිටියා නියඟය ඇවිල්ලා රටත් නැති වෙලා ආණ්ඩුවත් නැතිවෙයි කියලා – ජනපති (VIDEO)

සමහර අයනම් බලාගෙනත් හිටියා නියඟය ඇවිල්ලා රටත් නැති වෙලා ආණ්ඩුවත් නැතිවෙයි කියලා – ජනපති (VIDEO)

කර්තෘ Hashini De Mel

31 Mar, 2017 | 1:22 pm

තිරසර ලංකා ජාතික මංගල්‍යය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී අද ආරම්භ විය.

වස විස නැති ආහාර වේලක්, පානයට පිරිසිදු ජල බිඳක් මෙන් ම පරිසරය සුරකින හෙට දවසක් උදාකරලීමට අනාගත පරපුර සවිබල ගැන්වීම වැඩසටහනේ අරමුණ ය.

රාජ්‍ය අංශය සහ පෞද්ගලික අංශයේ ප්‍රදර්ශන කුටි සහ අලෙවි සල් 1000කට ආසන්න සංඛ්‍යාවකින් තිරසර ලංකා ජාතික ප්‍රදර්ශනය සමන්විත ය.

වස විස නැති ආහාර, හරිත බලශක්තිය, සෞඛ්‍ය සායන, පෝෂණ හා සූපවේදී උපදෙස්, ළමා හා කාන්තා උපදේශන සේවා, සිනමා හා කලා නිර්මාණ ප්‍රදර්ශන කුටි රැසක් මෙහි ස්ථාපනය ‍කර තිබේ.

කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේදී ප්‍රදර්ශනය අද සිට ලබන 4 වන දා දක්වා පැවැත්වීමට නියමිත ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]