හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළ කැබිනට් සාකච්ඡා පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා ඇමති අර්ජුනගෙන් අමාත්‍ය මණ්ඩල ලේකම්ට ලිපියක්

හම්බන්තොට වරාය ව්‍යාපෘතියට අදාළ කැබිනට් සාකච්ඡා පිළිබඳව පැහැදිලි කිරීමක් ඉල්ලා ඇමති අර්ජුනගෙන් අමාත්‍ය මණ්ඩල ලේකම්ට ලිපියක්

කර්තෘ Chathuranga Rajapaksha

27 Mar, 2017 | 9:15 pm

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය අදාළව අමාත්‍ය මණ්ඩලයේ, තීරණ හා ජනාධිපතිතුමාගේ නිරීක්ෂණ අතර පරස්පරතා තිබෙන බව වරාය හා නාවික කටයුතු නියෝජ්‍ය අමාත්‍ය නිශාන්ත මුතුහෙට්ටිගම මහතා පසුගියදා අනාවරණ කළේය.

එම අමාත්‍ය මණ්ඩල තීරණය සම්බන්ධයෙන්, විෂය භාර අමාත්‍යවරයා ලෙස තමන්ට පැහැදිලි කිරීමක් කරන ලෙස දැනුම් දෙමින් අමාත්‍ය මණ්ඩල ලේකම් සුමිත් අබේසිංහ මහතා වෙත අමාත්‍ය අර්ජුන රණතුංග මහතා ලිපියක් යොමුකර තිබේ.

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය චීන සමාගමක්, වෙත පැවරීමට අදාළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඉදිරිපත් කළ නිරික්ෂණ හා පසුගිය 21 වෙනිදා පැවැති කැබිනට් මණ්ඩල රැස්වීමේදී ගත් තීරණ අතර පරස්පරතා තිබෙන බව වාර්තා වූ හෙයින් ඒ සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ගැනීම සදහා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා කැබිනට් මණ්ඩල ලේකම් වෙත ලිපියක් යොමු කළේය.

උපුටා ගැනීම

– ගරු වරාය හා නාවුක කටයුතු පිළිබද නියෝජ්‍ය ඇමතිතුමා විසින් ඉහත කැබිනට් මණ්ඩල රැස්වීමට සහභාගීවූයේ වැඩබලන වරාය හා නාවුක කටයුතු අමාත්‍යවරයා වශයෙනි. මීලග කැබිනට් මණ්ඩල රැස්වීමට මා සහභාගීවන නිසා ඉහත කැබිනට් මණ්ඩල පත්‍රිකාවට හා සටහනට අදාලව කැබිනට් මණ්ඩලය එළැඹ ගත් තීරණය නිශ්චිතව දැන ගතයුතු බැවින්, මේ පිළිබදව ඔබතුමාගේ පැහැදිලි කිරීම මා වෙත ලබාදීමට කටයුතු කරන මෙන් ඉල්ලා සිටිම –

උපුටා ගැනීම අවසන්

හම්බන්තොට වරාය සංවර්ධන ව්‍යාපෘතිය පැවරීමේ ක්‍රියාවලිය සම්බන්ධයෙන් ජනාධිපතිතුමාගේ නිරීක්ෂණය වී ඇත්තේ, අමාත්‍යවරුන් 5 දෙනෙකුගෙන් සමන්විත අනු කමිටුවක් පත් කර අදාළ අමාත්‍ය මණ්ඩල පත්‍රිකා දෙක සම්බන්ධයෙන් තීරණයක් ගතයුතු බව ය.

නමුත් අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා, වරාය හා නාවුක කටයුතු අමාත්‍යාංශ ලේකම් වෙත යොමු කළ අමාත්‍ය මණ්ඩල තීරණ ඇතුලත් ලිපියේ සදහන් වූයේ, සරත් අමුණුගම අමාත්‍යවරයා විසින් යොමුකළ කැබිනට් පත්‍රිකාව අනුමත වූ බව සහ ඉදිරි කටයුතු සදහා කැබිනට් අනුකමිටුවක් පත් කර ඇති බවත්ය.

වරාය නියෝජ්‍ය අමාත්‍යවරයා ජනාධිපතිතුමාගේ ජනාධිපතිතුමාගේ අවධානය පිණිස යොමු කරන ලද ලිපියේ එම තොරතුරු ඇතුළත් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]