ශ්‍රී ලංකාව තරගාවලි පරාජයෙන් ගැලවීමේ මෙහෙයුමක, දික්වැල්ලට තරගාවලිය අහිමිවෙයි

ශ්‍රී ලංකාව තරගාවලි පරාජයෙන් ගැලවීමේ මෙහෙයුමක, දික්වැල්ලට තරගාවලිය අහිමිවෙයි

ශ්‍රී ලංකාව තරගාවලි පරාජයෙන් ගැලවීමේ මෙහෙයුමක, දික්වැල්ලට තරගාවලිය අහිමිවෙයි

කර්තෘ Nadeeshan Meedin

27 Mar, 2017 | 5:58 pm

සංචාරක බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලිය පරාජයෙන් ගැලවීම සඳහා ශ්‍රී ලංකාව හෙට පැවැත්වෙන දෙවැනි තරගය අනිවාර්යයෙන්ම ජයගැනීමට අවශ්‍යය.


පළමු තරගයෙන් ලකුණු 90 ක අමිහිරි පරාජයක් ලද ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි තරගය සඳහා වන අවසන් පුහුණු සැසියට රංගිරි දඹුලු ක්‍රීඩාංගණයේදී සහභාගීවීමේදී පන්දු රැකීම කෙරෙහි වැඩි අවධානයක් යොමු කළ බව වාර්තා වෙයි.

මේ අතර, පළමු තරගය අතරතුර ආබාදයකට ලක්වූ සුරංග ලක්මාල් වෙනුවෙන් අදේශ කිරීම සඳහා නුවන් කුලසේකර හා නුවන් ප්‍රදීප් කැඳවා තිබේ.

17522580_2125522937478902_4425203607879811325_n

green wicket

එසේම හෙට තරගය වෙනුවෙන්, තණ කොළ සහිත තණතිල්ලක් නිර්මාණය කර ඇති බවද වාර්තා වෙයි. එසේ වුවහොත් වේගපන්දු යවන්නන්ට ඉන් වැඩි වාසි අත්වනු ඇත. මෙම වෙනස්කම පදනම් කරගනිමින්, නැවත නුවන් ප්‍රදීප් හා නුවන් කුලසේකර කැඳවා තිබෙන්නට ඇත.

17523508_2125523267478869_1897636141853304531_nඔස්ට්‍රේලියාවේදී ලද තරග තහනම හේතුවෙන්, පළමු එක්දින තරගය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිවූ නිරෝෂන් දික්වැල්ලට ද පුහුණුවීම් වලදී,  අවාසනාවන්ත අත්දැකීමකට මුහුණදීමට සිදුව තිබේ. ඇඟිල්ලක් ආබාදයට ලක්ව ඇති ඔහුට බංග්ලාදේශයට එරෙහිව පැවැත්වෙන ඉතිරි තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමිව ඇති බව ද වාර්තා වෙයි.

එසේ වුවහොත්, ධනුශ්ක ගුණතිලක, උපුල් තරංග සමග එක්ව ශ්‍රී ලංකා ඉනිම ආරම්භ කිරීමේ වැඩි අවස්ථාවක් පවතීයි.

එමෙන්ම දඟ පන්දුයවන ක්‍රීඩක ඩිල්රුවන් පෙරේරා ද නැවත කණ්ඩායමට කැඳවීමට කටයුතු කර ඇත. ඔහු හෙට කණ්ඩායම සමග එක්වීමට නියමිතය.

නායක උපුල් තරංගට හෙට තරගය විශේෂ තරගයක් වනු ඇත. 2005 වසරේ දඹුල්ලේ දී ජාත්‍යන්තර එක්දින ක්‍රිකට් වරම් දිනාගත් උපුල් හෙට ක්‍රීඩා කරන්නේ ඔහුගේ 200 වැනි තරගය වේ.

ඔහු ක්‍රිඩා කර ඇති තරග 199 දී ශතක 14 ක් හා අර්ධ ශතක 30 ක් සමගින් ලකුණු 5829 ක් රැස්කගෙන ඇත.

අද පැවැති අවසන් පුහුණු සැසියට ජාතික තේරිම් කමිටු සභාපති සනත් ජයසූරිය හා එහි සාමාජික රොමේෂ් කළුවිතාරණද පැමිණ ඇත.

ඔවුන් ක්‍රීඩකයන් හට උපදෙස් ලබා දෙමින් හෙට තරගය ජය ගැනීමට පිඹුරුපත් සකස් කර ඇතුවාට සැක නැත.

slc_sanath_kalu

හෙට තරගයට ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම පිළිබඳව අදහස් දැක්වීම අද පැමිණ සිටියේ ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු ලෙස කටයුතු කරන හිටපු ටෙස්ට් ක්‍රීඩක අසංක ගුරුසිංහ මහතාය.

“බංග්ලාදේශ කණ්ඩායම මෑතකාලයේ දී සාර්ථකත්වයට පත්වූ කණ්ඩායමක් අප සිටින්නේ, නැවත කණ්ඩායම සකසා ගැනීමේ අවධියක . ඒත් මම කැමති නෑ ඒ වචන නැවත භාවිත කිරීමට, අප ඉහළම තලයේ ක්‍රිඩාකිරීමේ දී නවක කණ්ඩායමක් ලෙස නම් කිරීම වැරදී. අප ඉහළම තලයේ ක්‍රීඩා කළ යුතුයි. අපි නවක කණ්ඩායමක් ලෙස – අපට අවශ්‍යනම් වසර තුනක් වුවත් කීමට හැකීයි. නමුත් එය නොවෙයි සිදුවිය යුත්තේ. ”
– අසංක ගුරුසිහ (ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු)

කණ්ඩායමේ වෙනස්කම් විටින් විට සිදුවීම මගින් ක්‍රිඩකයන්ගේ මානසිකත්වයට බලපාන ආකාරය සම්බන්ධයෙන් ද අසංක ගුරුසිංහ මහතා අදහස් පළ කළේය.

“අපි බලන්නෙ කණ්ඩායම, ස්ථාවරව තබා ගන්න. සැරින් සැරේ කණ්ඩායම වෙනස් කිරීමෙන් ස්ථාවරව ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලැබෙන්නෙ නැහැ. මට අවශ්‍ය 18 ක විතර කණ්ඩායමක් වසරක පමණ කාලයක් ක්‍රිඩා කිරීම. ඒක තමයි මම හිතන සැලසුම. ”
– අසංක ගුරුසිහ (ශ්‍රී ලංකා ක්‍රිකට් කළමණාකරු)

ශ්‍රී ලංකාව හා බංග්ලාදේශය අතර දෙවැනි තරගය හෙට රංගිරි දඹුලු ක්‍රීඩාගණයේදී දිවා රාත්‍රී තරගයක් ලෙස පැවැත්වීමට නියතය.

 

ඡායාරූප – ශ්‍රී ලංකා ක්‍රිකට්