Update : කොළඹ කොටුව – මරදාන අතර දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

Update : කොළඹ කොටුව – මරදාන අතර දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

Update : කොළඹ කොටුව – මරදාන අතර දුම්රිය ධාවන කටයුතු යථා තත්ත්වයට

කර්තෘ Hashini De Mel

27 Mar, 2017 | 7:12 am

Update : පීලිපැනීම හේතුවෙන් අඩාල වී තිබූ මරදාන සහ කොටුව අතර එක් දුම්රිය මාර්ගයක ධාවන කටයුතු යථා තත්ත්වයට පත් කර තිබේ.


දුම්රිය පීලිපැනීම හේතුවෙන් අද උදෑසන ද කොළඹ කොටුව සහ මරදාන අතර දුම්රිය ධාවනය ප්‍රමාද වන බව දුම්රිය පාලක මැදිරිය පවසා තිබේ.

පීලිපැනීම හේතුවෙන් කොටුව – මරදාන අතර දුම්රිය මාර්ග හතරෙන් දෙකක් තව දුරටත් අවහිර වී ඇතැයි එහි නිලධාරීයෙකු ප්‍රකාශ කළේ ය.

මේ අතර අද මධ්‍යම රාත්‍රීයේ සිට දුම්රිය ධාවන කටයුතුවලින් ඉවත් වන බව දුම්රිය සංගමය පවසා තිබේ.

එහි ලේකම් ඉන්දික දොඩංගොඩ මහතා පැවසුවේ, තම සංගමයට අයත් සාමාජිකයින්ගේ වැටුප් විෂමතාවන්ට විසඳුම් නොලැබීම හේතුවෙන් මෙම තීරණයට එළැඹි ඇති බව ය.