ත්‍රිකුණාමලයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ඩෙංගු රෝගය පාලනය කෙරෙයි

ත්‍රිකුණාමලයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ඩෙංගු රෝගය පාලනය කෙරෙයි

ත්‍රිකුණාමලයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ඩෙංගු රෝගය පාලනය කෙරෙයි

කර්තෘ Hashini De Mel

26 Mar, 2017 | 5:24 pm

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වූ ඩෙංගු රෝගය මේ වන විට පාලනය කර ඇති බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසා තිබේ.

නිවේදනයක් නිකුත් කරමින් සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ, නැගෙනහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඒ. ලදාහරන් මහතා විසින් එය තහවුරු කර ඇති බව ය.

ඉදිරි සති දෙකතුළ පැවති තත්ත්වය අවම කර ගත හැකි බව නැගෙනහිර පළාත් නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රකාශ කර තිබේ.

වසරේ ගත වූ කාල සීමාව තුළ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ඩෙංගු ශීඝ්‍රයෙන් පැතිර යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාස 7කින් වාර්තා වී ඇති රෝගීන් සංඛ්‍යාව 2923 කි.

මේ අනුව ත්‍රිකුණාමලය, මුතුර්, කින්නියා, ගෝමරන්කඩවල, උප්පුවේලි සහ කුච්චිවේලි සහ කුරුන්චල්කනි යන ප්‍රාදේශිය සෞඛ්‍ය සේවා කොට්ඨාසවලින් මරණ 15ක් වාර්තා වී ඇති බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

පසුගිය 22 වන දා සිට මෙම ප්‍රදේශ ආශ්‍රිතව මදුරු මර්දන සතියක් ද ක්‍රියාත්මක වී තිබේ.

ත්‍රිවිධ හමුදාව, පොලීසිය, සිවිල් ආරක්ෂක බලකාය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු කණ්ඩායම් ඒ සඳහා එක් ව සිටියහ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]