පේරාදෙණිය සරසවි බිමේ පැවති හන්තාන නින්නාද ගී දැහැන (VIDEO)

පේරාදෙණිය සරසවි බිමේ පැවති හන්තාන නින්නාද ගී දැහැන (VIDEO)

කර්තෘ Sakila Udayakumara

23 Mar, 2017 | 10:47 pm

ලෝකයේ විශ්වවිද්‍යාලයක් මුල්කොටගෙන ගීත සාහිත්‍යයක් බිහිවීමේ පුර්වාදර්ශය හිමි පේරාදෙණිය සරසවිය සංගීත ප්‍රසංගයක් සංවිධාන කෙරුණේ, එහි 75 වන සංවත්සරය වෙනුවෙනි.

නිව්ස්ෆස්ට් ඒ සඳහා මාධ්‍ය අනුග්‍රහය දැක්වීය.

හන්තාන නින්නාද ගී දැහැන රස විඳීමට දිවයිනේ නන්දෙසින් දහස් ගණනක් රසකාමීහු එක්වූහ.

පේරාදෙණිය සරසවිය හා සරසවි බිමේ අත්දැකීම් මුල්කොටගෙන ගී නිර්මාණය කළ ගේය පද රචකයින්, සංගීතඥයින් සහ ගායන ශිල්පීන්ගේ සහභාගීත්වයෙන් ගී සැඳෑව රසවත් විය.

ගී නිර්මාණ සඳහා දායක වූ ගායක ගායිකාවන්, ගේය පද රචකයින් හා සංගීතඥයෝ ද මෙහිදී ඇගයීමට ලක්වූහ.

හෙළ සුභාවිත ගීතයේ ප්‍රගමනයට කළ සේවය වෙනුවෙන් පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේවයන් ද මෙහිදී ඇගයීමට ලක්විය.

හන්තාන නින්නාද ගී දැහැන වෙනුවෙන් ලබා දුන් මාධ්‍ය අනුග්‍රහය අගයමින් නිව්ස්ෆස්ට් වෙත ද මෙහිදී සම්මානයක් පිරිනැමිණි

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]