වසර 43කට පසු මෙරට ජනාධිපතිවරයෙක් රුසියාවේ සංචාරයක

වසර 43කට පසු මෙරට ජනාධිපතිවරයෙක් රුසියාවේ සංචාරයක

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2017 | 8:31 pm

රුසියානු තෙදින නිල සංචාරයක් සඳහා පිටත්ව ගිය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස අද රුසියාවේ මොස්කව් නුවරට ළඟා වූහ.

මොස්කව ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමි‍ණි ජනා‍ධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ, රුසියානු විදේශ කටයුතු අමාත්‍ය එගො මෝගුලොව් ඇතුළු ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් විසිනි.

විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර, එස්. බී. නාවින්න, මහින්ද සමරසිංහ, සුසිල් ප්‍රේමජයන්ත සහ දයාසිරි ජයසේකර යන අමාත්‍යවරු ද මෙම සංචාරයට එක්ව සිටිති.

ජනාධිපතිවරයා හා රුසියානු ජනාධිපති ව්ලැඩ්මීර් පුටින් මහතා අතර නිල හමුව හෙට මොස්කව් නගරයේ ක්‍රෙම්ලින් මන්දිරයේදී පැවැත්වීමට නියමිතයි.

1974 වසරේ සිරිමාවෝ මැතිණියගෙන් පසු ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය වේ.

මෙහිදී ධීවර කටයුතු, සංචාරක , සංස්කෘතික විද්‍යා හා තාක්ෂණික අංශ ඇතුළු අධ්‍යාපනික සහයෝගීතාව යන ක්ෂේත්‍රවලට අදාළ ද්වීපාර්ශ්වීය ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිතයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]