“මේ ‍රටේ තෝරු, මෝරු වර්ගයේ වංචනිකයින් අල්ලස් දැලට කොටු වුණේ නැහැ” – ජවිපෙ පාර්ලිමේන්තුවේදී කියයි

“මේ ‍රටේ තෝරු, මෝරු වර්ගයේ වංචනිකයින් අල්ලස් දැලට කොටු වුණේ නැහැ” – ජවිපෙ පාර්ලිමේන්තුවේදී කියයි

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2017 | 8:20 pm

අල්ලස් හෝ දූෂණ චොදනා විමර්ශන කොමිෂන් සභාවේ වැටලීම් සම්බන්ධ අත්තිකාරම් ගිණුමේ සීමාවන් ප්‍රතිශෝධනය කිරීමේ යෝජනාව අද පාර්ලිමේන්තුවේදි විවාදයට ගැනිණ.

එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී අජිත් මාන්නපෙරුම පැවසුවේ, මෑත ඉතිහාසයේ වැඩි ම පැමිණිලි සංඛාව 2015 වසරේදී ලැබී ඇති බවයි.

[quote]2015 ඒ 1512ක් ලැබිලා තියෙනවා. 2016ත් 1244 ලැබිලා තියෙනවා. මේච්චර පැමිණිලි ලැබුණත් නඩු පැවරිලා තියෙන්නේ නඩු 25යි. 2010 සිට ලැබි ඇති දූෂණ නඩු ප්‍රමාණය 5062යි. නමුත් නඩු පවරලා තියෙන් නේ 57කට විසඳලා තියෙන්නේ නඩු 12යි. විමර්ශනය කිරීම සඳහා 3000කට වැඩිය පැමිණිලි මේ කාර්යාංශයේ ගොඩගැහිල්ලා තියෙනවා. කියන එක තමයි අපිට දැනේ නේ ඒ නිසා අල්ලස් හො දුෂණ නඩු කඩිනමින් විසඳීම සඳහා වෙනම අධිකරණයක් පිහිටුවන් මේක කොළඹ විතරයි තියෙන්නේ මේක එක්කො දිස්ත්‍රික් මටිටමට ගෙනියන්න යම් වැඩපිළිවෙළක් සකස් කරලා මේ යාන්ත්‍රණ ශක්තිමත් කරන්න අපි කටයුතු කරල යුතුයි කියලා මං යෝජනා කරන්නේ[/quote]

මෙහිදී අදහස් දක්වමින් විපක්ෂයේ ප්‍රධාන සංවිධායක අනුරකුමාර දිසානායක මහතා පැවසුවේ, මහ පරිමාණ වංචනිකයින් දූෂිතයින් අල්ලස් දැලට හසු නොවන බවයි.

[quote]හැබැයි පළමු වතාවට ඩිල්රුක්ෂි ඩයස් අධ්‍යක්ෂ ජනරාල් විදියට කටයුතු කරන සමයේ හිටපු අමාත්‍යවරුන් 4 දෙනෙක් හිටපු විදේශ අමාත්‍යවරයෙක් හිටපු පාර්භොගික කටයුතු අමාත්‍යවරයෙක් හිටපු වරාය අමාත්‍යවරයෙක් හිටපු ජනමාධ්‍ය අමාත්‍යවරයෙක් ඔවුන්ගේ මුදල් අවභාවිතාවන් පිළිබඳව අල්ලස් කොමිසම අධිකරණයට නඩු ගොනු කරලා තියෙනවා.[/quote]
[quote]ඒ වගේම පළමු වතාවට හිටපු ආරක්ෂ ලේකම්වරයාට නවික හමුදාපතිවරුන් තුන්දෙනටත් විරුද්දව අපේ රටේ කුප්ප්‍රකට ඇවන්ට්ගාඩි ගනුදෙනුව පිළිබඳව අල්ලස් හො දුෂණ කොමිෂන් සභාව පැමිණි ගොනු කොරනු ලැබුවා. අධිකරණයේ පැමිණිලි ගොනු කරනු ලැබුවා.[/quote]
මෙහිදී එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රී රන්ජන් රාමනයක ද අදහස් පළ කළේ ය.

[quote]ඉතිහාසයේ ඉදලා ම හොරු අහු වුණේ, හොරු එකිනෙකා ගහ ගත්තාම එහි ප්‍රතිලාභය ලැබුණේ අගතියට පත් වුණ ජනතාවට ජනතාව කියනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ පැමිණිමේ දිමනාව 2500ක් වැඩි වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ තව දිමනා රුපියල් ලක්ෂයකින් වැඩි වෙනවා පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ඇමතිවරුන්ට 54කට සැප වහන ගෙනවා එහෙම තියෙදි හොරු අල්ලන අල්ලස් කොමිෂමේ පඩි අඩු වෙනවනා එක නෙවෙයි වෙන් ඕනි අපේ පඩි අඩු වෙන් ඕනි අපේ දිමනා අඩු වෙන්න ඕනි මේ දෙවල් වැඩි වේව ඕනි හොරු අල්ලන ආයතනවල අපි හොරුන්ගෙන් චරිත සහතික බලාපොරෙත්තු වෙන්නේ නැහැ.[/quote]

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]