මෙවැනි තැන්වලින් කෑවොත් ඔබත් අමාරුවේ වැටෙයි (VIDEO)

මෙවැනි තැන්වලින් කෑවොත් ඔබත් අමාරුවේ වැටෙයි (VIDEO)

කර්තෘ Sakila Udayakumara

22 Mar, 2017 | 7:20 am

ගම්පොළ නගර සීමාව තුළ සිදුකළ හදිසි පරික්ෂාවකදී නුසුදුසු අහාර අලෙවි කළ වෙළෙඳ සල් 120ක තිබූ ආහාර තොගයක් සොයා ගැනිණි.

අප වාර්තාකරු පැවසුවේ, මහනුවර මහජන සෞඛ්‍ය පරික්ෂක කණ්ඩායම් 1000ක් හා ගම්පොළ මහ නගර සභාව එක්ව මෙම වැටලීම ඊයේ සිදුකළ බව ය.

එළැඹෙන අලුත් අවුරුදු උත්සව සමය මුල්කර ගනිමින් මෙම වැටලීම සිදුකළ බව මහනුවර දිස්ත්‍රික් පරිපාලන හා මහජන සෞඛ්‍ය පරික්ෂක කිංස්ලි හදුන්සූරිය මහතා පවසයි.

මෙහිදී මරියාවත්ත ප්‍රදේශයේ පරිභෝජනයට නුසුදුසු කුකුළු මස් ද හමු වූ අතර එවැනි කුකුළු මස් වෙළෙඳ සලකට සීල් තැබීමක් ද සිදු කෙරිණි.

පරිභෝජනයට නුසුදුසු ලෙස පවත්වාගෙන යන මස් හා බිත්තර වෙළෙඳ සල් ගණනාවක් ගම්පොළ නගරයෙන් ද හමු වූ අතර ඒ සියල්ලට ම නඩු දමා තිබේ.

නගරයේ ප්‍රධාන වෙළෙඳ සලක ගබඩා කාමරයේ ගොඩගසා තිබූ දියලුණු තොගයක මීයන් කූඩු තනා සිටියේ මුත්‍රා හා මී අසූචි ද සමගිනි.

දිස්ත්‍රික් පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසුවේ, මිනිස් පරිභෝජනයට නුසුදුසු අහාර අලෙවි කරන වෙළෙඳුන්ට ‍එරෙහිව ඉදිරි‍යේදීත් නීතිය දැඩිව ක්‍රියාත්මක කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]