බල්ලන් අයාලේ යැව්වොත් සිර දඬුවම වසර දෙකයි: දඩය රු. 25,000යි

බල්ලන් අයාලේ යැව්වොත් සිර දඬුවම වසර දෙකයි: දඩය රු. 25,000යි

බල්ලන් අයාලේ යැව්වොත් සිර දඬුවම වසර දෙකයි: දඩය රු. 25,000යි

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2017 | 4:47 pm

සුනඛයින් ලියාපදිංචි කිරීමේ ආඥා පනත සංශෝධනය කිරීමට කැබිනට් මණ්ඩල අනුමැතිය හිමි වී ති‍බේ.

නව සංශෝධනයට අනුව අයාලේ යන සුනඛයින්ගේ හිමිකරුවන්ට අධිකරණය මගින් නියම කළ හැකි දඩ මුදල රුපියල් 25,000 දක්වා ත්, සිර දඬුවම වසර 2ක් දක්වා ත් ඉහළ නැංවෙනු ඇති.

අද රැස් වූ කැබිනට් මණ්ඩලය 1901අංක 25 දරන සුනඛයින් ලියාපදිංචි කිරීමේ එම ආඥා පනත සංශෝධනය කිරීමට අනුමැතිය ලබා දුන්නේ, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තපා මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අනුවයි.

ආඥා පනත සංශෝධනය කිරීමට යෝජනා වී ඇත්තේ‍ දැනට ක්‍රියාත්මක සුනඛයින් ලියාපදංචි කිරීමේ ආඥා පනත මගින් අයාලේ යන සුනඛයින්ගෙන් පොදු ජනතාවට සිදුවන හානිය අවම කර ගැනීම සඳහා ප්‍රමාණවත් නීති ප්‍රතිපාදන නොමැති වීමයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]