බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී විමල් වීරවංශ උපවාසයක

බන්ධනාගාරගතව සිටින මන්ත්‍රී විමල් වීරවංශ උපවාසයක

කර්තෘ Hashini De Mel

22 Mar, 2017 | 10:41 pm

බන්ධනාගාරගතව සිටින ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී, විමල් වීරවංශ මහතා අද උදෑසන සිට උපවාසයක් ආරම්භ කර තිබේ.

ඒ තමන්ට එරෙහිව දේශපාලන පලිගැනීම් ක්‍රියාත්මක වෙමින් ඇති බව පවසමිනි.

ජාතික නිදහස් පෙරමුණේ මාධ්‍ය ලේකම් විජිත අනුරුද්ධ මහතා සඳහන් කළේ, අද උදෑසන 7 සිට ආහාර ප්‍රතික්ෂේප කරමින් මෙම උපවාසයේ ඔහු නිරතවන බව ය.

නව මැගසින් බන්ධනාගරය තුළ මන්ත්‍රීවරයා රඳවා සිටින ඊ. සිරමැදිරියේ මෙලෙස මන්ත්‍රීවරයා උපවාසයේ නිරතව සිටිනු ඇත.

අද පස්වරුවේ මන්ත්‍රීවරයාගේ සුවදුක් බැලීමට හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු එකාබද්ධ විපක්ෂය නියෝජනය කරන මන්ත්‍රීවරුන් පිරිසක් පැමිණ සිටියහ.

රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ ප්‍රතිශෝධන ඇප අයදුම්පතක් ඊයේ, කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කළ අතර එය ද අධිකරණය විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ තිබේ.

රාජ්‍ය ඉංජිනේරු සංස්ථාව සඳහා ජනාධිපති කාර්යාලයෙන් කුලී පදනම යටතේ ලබාගත් වාහන 40 ක් සිය පවුලේ ඥාතීන්ට සහ ජාතික නිදහස් පෙරමුණේ ක්‍රියාකාරීන්ට ලබාදී රජයට රුපියල් 9කෝටි 18 ලක්ෂයකට අධික මුදලක් වංචා කිරීම විමල් වීරවංශ මහතාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව බවයි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]