ඩෙංගු මදුරුවා ත්‍රිකුණාමලය කළඹයි : අද සිට ඩෙංගු මර්දනයට සතියක්

ඩෙංගු මදුරුවා ත්‍රිකුණාමලය කළඹයි : අද සිට ඩෙංගු මර්දනයට සතියක්

ඩෙංගු මදුරුවා ත්‍රිකුණාමලය කළඹයි : අද සිට ඩෙංගු මර්දනයට සතියක්

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2017 | 3:09 pm

ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ අද සිට ඩෙංගු මර්දන සතියක් ආරම්භ කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍යාංශය පැවසුවේ, දිස්ත්‍රික්කයේ ප්‍රදේශ රැසක ඩෙංගු රෝගය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වීම හේතුවෙන් මෙම පියවර ගත් බවයි.

ඒ අනුව මදුරු මර්දන සහයකයින් ඇතුළු කණ්ඩායම් 150 ක් දිස්ත්‍රික්කය පුරා නිවාස හා ළිං පරීක්ෂා කිරීම මෙන් ම දූමායන කටයුතුවල නිරතව සිටින බව සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කළේ ය.

ඩෙංගු රෝග ව්‍යාප්තිය මැඩ පැවැත්වීම සඳහා ත්‍රිකුණාමලය මහ රෝහලට සහ කින්නියා රෝහලට රෝගී සත්කාරක සේවා සඳහා අතිරේක වෛද්‍යවරුන් 20 ක් සහ හෙද හෙදියන් 30 දෙනෙකු යොමු කිරීමට පියවර ගත් බව ද සෞඛ්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සඳහන් කළේ ය.