ජනපති මෛත්‍රීපාල සිරිසේන නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව යයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව යයි

ජනපති මෛත්‍රීපාල සිරිසේන නිල සංචාරයක් සඳහා රුසියාව බලා පිටත්ව යයි

කර්තෘ Sakila Udayakumara

22 Mar, 2017 | 11:38 am

නිල සංචාරයක් සඳහා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද උදෑසන රුසියාව බලා පිටත්ව ගියේ ය.

ඒ, රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින්ගේ නිල ආරාධනාවකට අනුව ය.

ශ්‍රී ලාංකික රාජ්‍ය නායකයෙකුට එලෙස රුසියාවේ සංචාරයකට පැමිණෙන්නැයි එරට නිල ආරාධනාවක් කර ඇත්තේ, වසර 44 කට පසුව බව ජනාධිපති මාධ්‍ය ඒකකය සඳහන් කළේ ය.

මෙම සංචාරයේදී දෙරට අතර ආර්ථික, වෙළෙඳ, සංචාරක, විද්‍යා හා තාක්ෂණ, අධ්‍යාපන හා සංස්කෘතික යන ක්ෂේත්‍ර සම්බන්ධයෙන් ගිවිසුම් කිහිපයකට ද අත්සන් තැබීමට නියමිත ය.

1974 වර්ෂයේදී අග්‍රාමාත්‍ය සිරිමාවෝ බණ්ඩාරනායක මහත්මිය මොස්කව් නගරයෙහි කළ නිල සංචාරයෙන් පසුව ශ්‍රී ලංකාවේ රාජ්‍ය නායකයෙකු රුසියාවේ නිල සංචාරයක නිරත වන පළමු අවස්ථාව මෙය බව විදේශ කටයුතු අමාත්‍යංශය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකා – රුසියා රාජ්‍යතාන්ත්‍රික සබඳතාවන්ට 60 වසරක් සපිරීම නිමිත්තෙන් වන සංවත්සර සැමරුම ද මීට සමගාමීව පැවැත්වේ.

ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන මහතා හෙට රුසියානු ජනපති ව්ලැදිමීර් පුටින් මහතා හමුවනු ඇති.