කොළඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි සුවිසල් රථ ගාල් ඉදිකිරීමට පියවර

කොළඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි සුවිසල් රථ ගාල් ඉදිකිරීමට පියවර

කොළඹට ඇතුළු වන ප්‍රධාන මාර්ග ආවරණය වන පරිදි සුවිසල් රථ ගාල් ඉදිකිරීමට පියවර

කර්තෘ Sakila Udayakumara

22 Mar, 2017 | 9:06 am

කොළඹ නගරයට ඇතුළු වන ප්‍රධාන මර්ග අවරණය වන පරිදි පෞද්ගලික වාහන නවතා තැබීමට හැකි විශාල රථ ගාල් 8ක් ඉදිකිරීමට රජය තීරණය කර තිබේ.

බස්නාහිර හා මහ නගර සංවර්ධන අමාත්‍යංශයේ ලේකම් නිහාල් රූපසිංහ මහතා සඳහන් කළේ බොරැල්ල, තොටලඟ, දෙමටගොඩ, කාසල් වීදිය ආදී ප්‍රදේශවල එම රථ ගාල් ඉදිකරන බව ය.

ඒ අනුව අතුරු මාර්ග ඔස්සේ කොළඹට පිවිසෙන වාහන එම රථ ගාල්වල නවතා පොදු ප්‍රවාහන සේවාවලින් ඔවුන්ට සේවය ලබා ගත හැකි බව ද ඔහු සඳහන් කළේ ය.

මීට අමතරව කොළඹ නගරයේ කාර්යාලීය වේලාවන් වෙනස් කිරීමට ද අවධානය යොමු කර ඇති බව ලේකම්වරයා සඳහන් කළේ ය.