අව්වට වැස්සට දිරායන කොල්ලුපිටියේ මේ සුඛෝපභෝගී වාහන කාගේ ද?

අව්වට වැස්සට දිරායන කොල්ලුපිටියේ මේ සුඛෝපභෝගී වාහන කාගේ ද?

කර්තෘ Sagarika Chathumali

22 Mar, 2017 | 9:06 pm

කොල්ලුපිටියේ පිහිටි කථානායක පැරණි නිල නිවස හෙවත් මුම්ටාස් මහල් පරිශ්‍රයේ සුඛෝපභෝගි වාහන කිහිපයක් ප්‍රයෝජනයට නොගෙන ගාල් කර තැබීමෙන් විනාශයට පත්වන අයුරු News 1st පසුගිය වසරේ වසරේ අගොස්තු 23 වනදා වාර්තා කළේ ය.

අදට ත් එම ස්ථානයේ එම සුඛෝපභෝගී වාහන දිරායමින් පවතින අයුරු දැකගත හැකියි.

මෙම වාහන ගාල් කර තබා ඇත්තේ, කොල්ලුපිටියේ ආර්.එල්. ද මෙල් මාවතේ පිහිටි මුම්ටාස් මහල් නමැති කථානායකවරුන්ගේ පැරණි නිල නිවසට අයත් භූමියකයි.

*මේ සුඛෝප‍භෝගී වාහන කාගේ ද?

*මෙම භූමිය තුළ මේවා ගාල් කර ඇත්තේ කුමක් සඳහා ද?

*මේවායින් ගන්නා ප්‍රයෝජනය කුමක් ද?

*අතැහර දමා ඇති වාහන මෙලෙස විනාශයට පත්වීමට ඉඩ හැර ඇත්තේ කවුරුන් ද?

මේ, අදාළ ස්ථානයේ ගාල්කර ඇති මෙම වාහන ඇස ගැටෙනා ඕනෑ ම අයෙකුට මතුවන ගැටලු කිහිපයකි.

අව්ව්ට වැස්සට දිරා යන මේ සුඛෝපභෝගි කාණ්ඩයේ වාහන අලුත් වැඩියා කොට රජයේ පාවිච්චියට ගත නොහැකි ද?

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]