2016 අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

2016 අ.පො.ස. සා/පෙළ ප්‍රතිඵල නිකුත් කෙරේ

By Sakila Udayakumara

28 Mar, 2017 | 6:14 am

2016 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල අද අලුයම නිකුත් කෙරිණි.

විභාග කොමසාරිස් ජනරාල් ඩබ්ලිව්.එම්.එන්.ජේ. පුෂ්පකුමාර මහතා නිකුත් කළ නිවේදනයේ දැක්වුණේ, ප්‍රතිඵල විභාග දෙපාර්තමේන්තුවේ නිල වෙබ් අඩවිය වන www.doenets.lk වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි බව ය.

කොළඹ සහ ජයවර්ධනපුර කලාපවලට අයත් පාසල්වල ප්‍රතිඵල අද පෙරවරු 10.00න් පසු විභාග දෙපාර්තමේන්තුවේ විභාග සංවිධාන ශාඛාව වෙත පැමිණ එම පාසල්වල විදුහල්පතිවරුන්ට ලබා ගත හැකි ය.

අනිකුත් සියලු ම පාසල්වල ප්‍රතිඵල අද දිනයේ ම තැපැල් කිරීමට නියමිත අතර පෞද්ගලික අයදුම්කරුවන් සඳහා වන ප්‍රතිඵල ඉදිරියේදී තැපැල් කිරීමට නියමිතව ඇති බව එම නිවේදනයේ සඳහන් ය.

විභාග ප්‍රතිඵල ඉන්ටර්නෙට් ඔස්සේ ලබා ගැනීමේදී විභාග අංකය නිවැරදිව ඇතුළත් කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල්වරයා සියලු අපේක්ෂකයින්ගෙන් ඉල්ලා සිටියි.

විභාග ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා අයදුම් කිරීමට අපේක්ෂා කරන්නේ නම් එම අයදුම්පත්‍ර අප්‍රේල් මස 30 වන දිනට පෙර විභාග දෙපාර්ත්මේන්තුවට යොමු කළ යුතු ය.