English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
20 Mar, 2017 | 6:16 am
ජාතික ඩෙංගු මර්දන ඒකකය සඳහන් කළේ, මුතූර්, උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවලින් ද ඩෙංගු රෝගීන් වාර්තාවී ඇති බවයි.
වසරේ ගත වූ කාලය තුළ දිවයින පුරා ඩෙංගු රෝගීන් 22000කට අධික සංඛ්‍යාවක් වාර්තාවී ඇති බව ත් පුද්ගලයින් 39 දෙනෙකු මියගොස් ඇති බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා වෛද්‍ය විශේෂඥ ප්‍රශිලා සමරවීර මහත්මිය සඳහන් කළා ය.
මේ අතර කින්නියා ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා නිලධාරීන් 40 කට අධික සංඛ්‍යාවක් මෙන් ම කීට විද්‍යා නිලධාරීන් ද යොදවා තිබේ.
බස්නාහිර පළාතේ ඩෙංගු මර්දනයට පත් කළ නිලධාරීන් 100 දෙනෙකු අද කින්නියා ප්‍රදේශයේ ඩෙංගු මර්දන කටයුතු සඳහා පිටත් කර හරින බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ජයසුන්දර බන්ඩාර මහතා සඳහන් කළේ ය.
ඔහු පැවසුවේ, කල්මුණේ ප්‍රදේශයේ මදුරු කීටයන් සහිත ළිං 6000ක මදුරු කීටයන් විනාශ කිරීමට පියවර ගත් බවයි.
මේ අතර ඩෙංගු රෝගය පැතිරයාම හේතුවෙන් වසා දැමුණු ත්‍රිකුණාමලය, කින්නියා අධ්‍යාපන කලාපයේ පාසල් 66 ක් අද යළි විවෘත කෙරෙයි.
පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ M.M. අහමඞ් ලෙබ්බේ සඳහන් කළේ, ඩෙංගු ව්‍යාප්තිය හේතුවෙන් එම පාසල් වසා දැමීමට පියවර ගත් බව ය.
මේ වන විට ඩෙංගු ව්‍යාප්තිය පාලනය වීම හේතුවෙන් පාසල් යළි විවෘත කිරීමට පියවර ගත් බව ඔහු සඳහන් කළේ ය.
පළාත් අධ්‍යාපන අධ්‍යක්‍ෂ M.M. අහමඞ් ලෙබ්බේ සඳහන් කළේ, පාසල් වසා දැමුණු දින තුන වෙනුවෙන් සෙනසුරාදා දිනයන්හිදී ඉගැන්වීම් කටයුතු සිදුකරන ලෙසට උපසේ දී ඇති බවයි.
29 Apr, 2021 | 07:22 AM
11 Jun, 2020 | 08:58 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2020 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS