මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනු කරයි

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනු කරයි

මහින්දානන්ද අලුත්ගමගේට එරෙහිව නීතිපති අධිචෝදනා ගොනු කරයි

කර්තෘ Sakila Udayakumara

18 Mar, 2017 | 7:38 pm

හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිපතිවරයා අධිචෝදනා ගොනු කර තිබේ.

නීතිපති ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ, උපයාගත් ආකාරය හෙළි කිරීමට නොහැකි රුපියල් මිලියන 27ක් යොදා කොළඹ ප්‍රදේශයේ දේපළක් මිලදී ගැනීම සම්බන්ධයෙන් එක් අධිචෝදනා පත්‍රයක් ගොනු කළ බව ය.

මුදල් විශුද්ධිකරණ පනත යටතේ එම අධිචෝදනා පත්‍රයක් ගොනු කළ බව ද ඔහු සඳහන් කළේ ය.

මීට අමතරව ශ්‍රී ලංකා නිදහස් කම්කරු කොංග්‍රසයට අයත් රුපියල් ලක්ෂ 39ක් පිළිබඳ විශ්වාසය කඩකීරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් ද හිටපු අමාත්‍යවරයාට එරෙහිව අධිචෝදනා ගොනු කළ බව නීතිපතිවරයා සඳහන් කළේ ය.

කොළඹ මහාධිකරණය හමුවේ ගොනු කළ එම අධිචෝදනා ඉදිරි දිනවලදී කැඳවනු ඇති බව නීතිපතිවරයා ප්‍රකාශ කළේ ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]