මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවෙකු වූ පුද්ගලයකුට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවෙකු වූ පුද්ගලයකුට මරණ දඬුවම

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවෙකු වූ පුද්ගලයකුට මරණ දඬුවම

කර්තෘ Hashini De Mel

16 Mar, 2017 | 4:24 pm

මනුෂ්‍ය ඝාතනයකට වරදකරුවෙකු වූ පුද්ගලයකුට අද ගම්පහ මහාධිකරණය මරණ දඬුවම නියම කර තිබේ.

ඒ, 2000 වසරේ දෙසැම්බර් 27 වන දින රාගම නගරයේදී වයස අවුරුදු 41 හැවිරිදි පුද්ගලයෙකු ඝාතනය කිරීම සම්බන්ධ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.

ගම්පහ මහාධිකරණ විනිසුරු, ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා තීන්දුව ප්‍රකාශයට පත් කරමින් පැවසුවේ, විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වන බව ය.

එලෙස මරණ දඬුවම නියම වූයේ, වේයන්ගොඩ පදිංචි 51 හැවිරිදි පුද්ගලයෙකුට ය.

ඝාතනය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ තව ත් පුද්ගලයින් දෙදෙනෙකු නිදොස් කොට නිදහස් කෙරිණි.