කුවේට්හි රැකියා දෙන බව පවසා ජාවාරමක නිරත වූ අයෙක් අත්අඩංගුවට

කුවේට්හි රැකියා දෙන බව පවසා ජාවාරමක නිරත වූ අයෙක් අත්අඩංගුවට

කුවේට්හි රැකියා දෙන බව පවසා ජාවාරමක නිරත වූ අයෙක් අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

16 Mar, 2017 | 4:54 pm

කුවේට් රාජ්‍යයේ රැකියා ලබා දෙන බව පවසා පුද්ගලයින්ගෙන් මුදල් ලබා ගැනීමේ ජාවාරමක නිරත වූ සැකකරුවෙකු මාරවිල පහළ කුඩාවැව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, විදේශ සේවා නියුක්ති කාර්යංශ විමර්ශන ඒකකයේ නිලධාරීන් විසිනි.

නිවේදනයක් නිකුත් කරමින් විදේශ සේවා නියුක්ති කාර්යංශය සඳහන් කළේ, උපාය දුතයකු යොදවා ඔහු අත්අඩංගුවට ගත් බව ය.

සැකකරුගේ නිවසේ තිබී ගුවන් බලපත්‍ර ඡායා පිටපත් 120ක්, ගුවන් බලපත්‍ර 10ක් සහ විදෙස්ගත වීමට බලාපොරොත්තු වන අයගේ උප්පැන්න සහතික පත් ඇතුළු අයදුම් පත්‍ර විශාල ප්‍රමාණයක් සොයා ගත් බව විදේශ සේවා නියුක්ති කාර්යංශය පැවසුවේ ය.

සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ලබන 20 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]