ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදයි

කර්තෘ Hashini De Mel

15 Mar, 2017 | 11:21 am

ලෝක පාරිභෝගික අයිතිවාසිකම් දිනය අදට යෙදී තිබේ.

මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරමින් පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ, ලෝක ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනයේ මෙවරත් තේමාව වන්නේ ‘ඩිජිටල් යුගයේ පාරිභෝගික අයිතිවාසිකම්’ ලෙස ය.

එහි අරමුණ ඩිජිටල් තාක්ෂණය ඔස්සේ පාරිභෝගිකයා ලබා ගන්න විවිධ සේවාවන් වඩාත් විශ්වාසදායී සහ සුරක්ෂිත බවට පත් කර ගැනීමය.

ජගත් පාරිභෝගික අයිතිවාසිකම් දිනය වෙනුවෙන් ජාතික සමුළුව අද සවස 3ට ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් නෙළුම් පොකුණ ශ්‍රවණාගාරයේදී පැවැත්වීමට නියමිත බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය සඳහන් කළේ ය.

ශ්‍රී ලංකාව තුළ ඩිජිටල් පාරිභෝගිකයින් මුහුණදෙන ගැටලු සහ ඔවුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සඳහා නව ප්‍රතිපත්ති සැකසීමට අවශ්‍ය පදනම සකස් කිරීම මෙම ජාතික සමුළුවේ අරමුණ බව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ සභාපති, හසිත තිලකරත්න මහතා පැවසුවේය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]