රජයේ ව්‍යාපාර 5ක් වැඩි දියුණු කිරීමට අවබෝධතා ගිවිසුම්වලට එළඹෙයි

රජයේ ව්‍යාපාර 5ක් වැඩි දියුණු කිරීමට අවබෝධතා ගිවිසුම්වලට එළඹෙයි

කර්තෘ Sagarika Chathumali

15 Mar, 2017 | 8:52 pm

රජයේ ව්‍යාපාර 5ක් විධිමත් ලෙස කළමනාකරණය කරමින් වැඩි දියුණු කිරීම සඳහා ඉදිරි වසර 3ක කාලයකට අදාළව සාමූහික අවබෝධතා ගිවිසුම් සඳහා අද අත්සන් තැබිණ.

එම සාමූහික අවබෝධතා ගිවිසුම් සඳහා අත්සන් තැබුණේ, මුදල් අමාත්‍යංශයේදී ය.

උපාය මාර්ගික වැදගත්කමක් ඇති රජයේ ව්‍යාපාර රටේ ආර්ථික අරමුණු ළඟා කර ගැනීමට හැකි වන අයුරින් පවත්වාගෙන යාම මෙම සාමූහික අවබෝධතා ගිවිසුමේ අරමුණයි.

ඒ අනුව, ලංකා විදුලි බල මණ්ඩලය, ඛනිජතෙල් නීතිගත සංස්ථාව, ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය, ගුවන් තොටුපොළ හා ගුවන්සේවා සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය මෙම සාමූහික ගිවිසුම්වලට අත්සන් තැබී ය.

ගිවිසුම් අත්සන් කෙරුණේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා, රජයේ ව්‍යාපාරවලට අයත් අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ එම ආයතනවල සභාපතිවරුන් සමග එක්වයි.

ලංකා විදුලිබල මණ්ඩලයේ ගිවිසුම් ප්‍රකාශයට අත්සන් තැබුවේ, අමාත්‍යංශ ලේකම් ආචාර්ය බී. එම්. එස්. බටගොඩ මහතා හා මණ්ඩලයේ සභාපති ඩබ්ලිව් ඩි. ඒ. එස්. විජයපාල මහතාගේ සහභාගීත්වයෙනි.

නගර සැලසුම් හා ජල සම්පාදන අමාත්‍යංශයේ ලේකම් සරත්චන්ද්‍රසිරි විතාන මහතා හා ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ සභාපති කේ. ඒ. අන්සාර් යන මහත්වරුන් ගිවිසුම් ප්‍රකාශයට අත්සන් තැබී ය.

ශ්‍රී ලංකා වරාය අධිකාරියේ ගිවිසුම් ප්‍රකාශයට අත්සන් තැබුවේ, අමාත්‍යංශයේ ලේකම් එල්. පී. ජයම්පති හා වරාය අධිකාරියේ වැඩබලන සභාපති, ඩබ්. එල්. ප්‍රසන්න පෙරේරා යන මහත්වරුන්ගේ සහභාගීත්වයෙනි.

ගුවන්තොටුපොළ හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශය ද මෙම ගිවිසුම් ප්‍රකාශයට අත්සන් කළේ ය.

ඒ ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍යංශයේ ලේකම් එන් සෝමවීර මහතා හා ගුවන් සේවා සමාගමේ සභාපති එස් එස් එදිරිවීර යන මහත්වරුන් සමගයි .

ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යංශයේ වැඩ බලන ලේකම් එස්. හෙට්ටිආරච්චි සහ ඛනිජ තෙල් නීති ගත සංස්ථාවේ සභාපති මාහාචාර්ය මෝනිස් ගුණවර්ධන යන මහත්වරුන් ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ ගිවිසුම් ප්‍රකාශයට අත්සන් තැබී ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]