බිරිඳට ගහන්න ගිය සැමියා ගුටි කා මිය යයි

බිරිඳට ගහන්න ගිය සැමියා ගුටි කා මිය යයි

කර්තෘ Hashini De Mel

15 Mar, 2017 | 12:38 pm

දංමුල්ල, කිරිඇල්ල පාලගම ප්‍රදේශයේ සිය බිරිඳට පහරදීමට තැත් කළ ස්වාමි පුරුෂයෙකුට ප්‍රදේශවාසීන් එක් වී සිදු කළ පහරදීමකින් එම පුද්ගලයා මිය ගොස් තිබේ.

මිය ගිය පුද්ගලයාගේ බිරිඳ සඳහන් කළේ, තියුණු පිහියක් සහ ඇසිඩ් බෝතලයක් අතැතිව පැමිණ සිටි සිය සැමියා තමන්ට පහරදීමට උත්සහ ගත් බව ය.

එහිදී අදාළ කාන්තාව නැගූ විලාපයන් හමුවේ එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් එක් වී අදාළ පුද්ගලයාට පහරදී තිබේ.

අප වාර්තාකරු සඳහන් කළේ, පහර කෑමෙන් තුවාල ලැබූ අදාළ පුද්ගලයා පසුව ප්‍රදේශවාසීන් එක් ව කිරිඇල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව ය.

බරපතළ තුවාල බලා සිටි එම පුද්ගලයා රෝහල්ගත කිරීමෙන් අනතුරුව මිය ගිය අතර පොලීසිය සඳහන් කළේ, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර ඇති බවයි.

සිද්ධිය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණය ඊයේ රත්නපුර ම‍හේස්ත්‍රාත්වරිය සිදු කළ බව ද අප වාර්තාකරු සඳහන් කළේ ය.