බංග්ලාදේශයේ ඓයිතිහාසික 100වැනි ටෙස්ට් තරගය, මෙරට ඓයිතිහාසික පිටියක

බංග්ලාදේශයේ ඓයිතිහාසික 100වැනි ටෙස්ට් තරගය, මෙරට ඓයිතිහාසික පිටියක

බංග්ලාදේශයේ ඓයිතිහාසික 100වැනි ටෙස්ට් තරගය, මෙරට ඓයිතිහාසික පිටියක

කර්තෘ Nadeeshan Meedin

15 Mar, 2017 | 11:19 am

සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහභාගීවන 100 වැනි ටෙස්ට් ක්‍රිකට් තරගය අද කොළඹ පී. සරා ඕවල් පිටියේ දී ආරම්භ විය.

මෙරට ක්‍රිකට් ක්ෂේත්‍රයේදී ද ඉතා වැදගත් ක්‍රීඩාංගණයක් වන පී. සරා ඕවල් පිටිය මෙම තරගයට තොරා ගැනීම ද සුවීශේෂී කාරණයක් වේ.

ශ්‍රී ලංකා කණ්ඩායම ක්‍රීඩා කළ පළමු ටෙස්ට් තරගය 1981 වසරේදී පැවැත්වූයේ, පී සරා පිටියේදීය.

බංග්ලාදේශ 2000 වසරේදී ටෙස්ට් වරම් දිනාගැනීමෙන් පසුව ක්‍රීඩා කර ඇති තරග 99 න් ජයගැනීමට සමත්ව ඇත්තේ, තරග 8 ක් පමණි.

එහිදී එංගලන්තය එක් තරගයකදී පරාජය කර ඇති බංග්ලාදේශ කණ්ඩායම බටහිර ඉන්දිය කොදෙව් කණ්ඩායම තරග දෙකක දී පරාජය කර තිබේ.

අනෙක් තරග පහම ජයගෙන ඇත්තේ, සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිවය.

තරග 15 ක් ජයපරාජයෙන් තොරව අවසන් වද්දී, තරග 76 ක් පරාජය වී ඇති බව අතීත වාර්තා පෙන්වා දේ.

බංග්ලාදේශ ටෙස්ට් ඉතිහාසයේ වැඩිම ලකුණු ලාභියා වන්නේ, ලකුණු 3546 ක් ලබා සිටින තමීම් ඉක්බාල්.

ශකීබ් අල් හසන් කඩුලු 170 ක් ලබා ගනිමින්, වැඩිම කඩුලු ලාභියා ලෙස වාර්තා අතර රැඳී සිටියි.

ශ්‍රී ලංකා කණ්ඩායම අද සහභාගීවන්නේ 258 වැනි ටෙස්ට් තරගය වන අතර, ලෝක ඉතිහාසයේ 2254 වැනි තරගය ලෙස මෙම තරගය පැවැත්වේ.

ලෝක ක්‍රිකට් ඉතිහාසයේ පළමු ටෙස්ට් තරගය එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර, මීට වසර 140 කට පෙර අද වැනි දිනක දී ආරම්භ වී තිබීම ද දෛවෝපගත සිදුවීමක් ලෙස දැක්විය හැක.

17342878_607715202761070_496939330163073616_n