ඩෙංගු පැතිරීම හේතුවෙන් ත්‍රිකුණාමල ප්‍රදේශයේ පාසැල් දින 3ක් වැසේ

ඩෙංගු පැතිරීම හේතුවෙන් ත්‍රිකුණාමල ප්‍රදේශයේ පාසැල් දින 3ක් වැසේ

කර්තෘ Hashini De Mel

15 Mar, 2017 | 12:04 pm

ඩෙංගු පැතිරයාම හේතුවෙන් ත්‍රිකුණාමලය, කින්නියා අධ්‍යාපන කලාපයේ සියලු පාසල් අද සිට දින 3ක කාලයක් වසා දැමීමට පියවර ගෙන තිබේ.

ත්‍රිකුණාමලය කලාප භාර අධ්‍යාපන අධ්‍යක්ෂ, අහමඩ් ලෙබ්බේ මහතා සඳහන් කළේ, ප්‍රදේශයේ පැතිරයන ඩොංගු රෝගය හේතුවෙන් ළමුන්ගේ ආරක්ෂාව ගැන සිතා මේ තීරණය ගෙන ඇති බව ය.

අප වාර්තාකරු පැවසුවේ, අද උදෑසන ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පාසල්වල දෙමව්පියන් සහ ගුරුවරුන් පැමිණ පාසල් බිම සුද්ද පවිත්‍ර කළ බව ය.

මේ අතර ගත වූ සතියක කාලය තුළ ත්‍රිකුණාමලය, කින්නියා ප්‍රදේශයෙන් ඩෙංගු රෝගීන් 12 දෙනෙකු පමණ මිය ගොස් තිබේ.

නැගෙනහිර පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂ වෛද්‍ය, කේ. මුරුගනාදන් මහතා සඳහන් කළේ, මේ වන විට රෝගීන් 2000ක් පමණ වාර්තා වන බව ය.