ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයට වසර 140යි (FULL STORY)

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයට වසර 140යි (FULL STORY)

ටෙස්ට් ක්‍රිකට් තරග ඉතිහාසයට වසර 140යි (FULL STORY)

කර්තෘ Kumudu Jayawardana

15 Mar, 2017 | 11:59 am

ජාත්‍යන්තර නිල ටෙස්ට් ක්‍රිකට් තරග ආරම්භ වී අදට වසර 140ක් සපිරෙයි.

ඒ, ලොව පළමු නිල ටෙස්ට් ක්‍රිකට් තරගය මීට වසර 140කට පෙර එනම් 1877 මාර්තු මස 15 වන දා ආරම්භ වීම හේතුවෙනි.

මෙම ඓතිහාසික ටෙස්ට් ක්‍රිකට් තරගය එංගලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් ක්‍රීඩාංගණයේ පැවැත්විණි.

තරගයේ කාසියේ වාසිය දිනූ සත්කාරක ඔස්ට්‍රේලියාව පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර ආරම්භක පිතිකරුවන් ලෙස පිටියට පිවිසියේ, චාර්ල්ස් බැනර්මන් සහ නැට් තොම්සන් ය.

ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු පන්දුව යොමු කරමින් ඉතිහාස පොතට එක්වූයේ, එංගලන්ත කණ්ඩායමේ ඇල්ෆ්‍රඩ් ෂෝ නමැති වේගපන්දු යවන්නා ය.

Charles Bannerman

Charles Bannerman

ඔස්ට්‍රේලියානු ආරම්භක පිතිකරු එනම්, ටෙස්ට් තරගයක පළමු පන්දුවට මුහුණ දුන් චාර්ල්ස් බැනර්මන් එහිදී තවත් කිසිදා වෙනස් නොවන වාර්තාවක් පිහිටුවීය.

ඒ, ටෙස්ට් තරග ඉතිහාසයේ පළමු ශතකය වාර්තා කරමිනි. පළමු ටෙස්ට් පන්දුවට පහර දුන් ඔහු නොදැවී ලකුණු 165ක් රැස් කර සිටියදී පන්දුවට පහර දීම අත්හිටවූයේ, අතේ ඇඟිල්ලක පන්දුව වැදීමෙන් සිදුවූ ආබාධයක් හේතුවෙනි.

මෙම ඓතිහාසික තරගයෙන් ලකුණු 45ක ජයක් හිමි කර ගැනීමට ඔස්ට්‍රේලියාව සමත් විය.

1st test

මෙම තරගය පැවති සමයේ එක් පන්දු වාරයකට පන්දු 4ක් පමණක් යවා ඇත.

James Southerton

James Southerton

මේ අතර, මෙම තරගය තවත් කරුණක් නිසා සුවිශේෂත්වයක් දරයි.

ඒ, ටෙස්ට් වරම් හිමි කර ගත් ලොව වයස්ගත ම ක්‍රිකට් ක්‍රීඩකයා ලෙස අදට ත් සැලකෙන ජේම්ස් සදර්ටන් මෙම තරගයට ක්‍රීඩා කිරීම යි.

මේ අතර, ටෙස්ට් තරග ඉතිහාසයට වසර 140ක් සපිරීම නිමිත්තෙන් Google Doodle සිතුවම ද ඊට අදාළව සකසා තිබුණේ මෙසේ ය.

140th-anniversary-of-the-first-cricket-test-match මේ අතර, අද ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර ආරම්භ වූයේ, 2254 වන ටෙස්ට් ක්‍රිකට් තරගය යි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]