ගුවන් ගමන් අතරතුර ජංගම දුරකතන භාවිතය අවදානම්… !

ගුවන් ගමන් අතරතුර ජංගම දුරකතන භාවිතය අවදානම්… !

ගුවන් ගමන් අතරතුර ජංගම දුරකතන භාවිතය අවදානම්… !

කර්තෘ Sagarika Chathumali

15 Mar, 2017 | 4:59 pm

ගුවන් ගමන් අතරුතුර ලිතියම් බැටරි සහිත විද්‍යුත් උපකරණ භාවිතයේදී ප්‍රවේසම් වන ලෙස ඔස්ට්‍රේලියානු බලධාරීන් අනතුරු අඟවා තිබේ.

ඒ, චීනයේ බීජිං නුවර සිට ඔස්ට්‍රේලියාවේ මෙල්බර්න් දක්වා පියාසර කරමින් තිබූ ගුවන් යානයක සිටි කාන්තාවක පැළඳ සිටි හෙඩ්ෆෝන් පුපුරා ගිනිගැනීමෙන් අනතුරක් සිදුවීමත් සමගයි.

ගුවන් තොටුපොළ බලධාරීන් පවසන්නේ, පිපිරීම සිදුවන අවස්ථාවේ ඇය ජංගම දුරකතනයට හෙඩ්ෆෝන් සවිකර සංගීතයට සවන් දෙමින් පැමිණ ඇති බවයි.

අදාළ කාන්තාව පවසා ඇත්තේ, ගින්නක් වැනි යමක් හටගන්නා බව දැනුණු සැනින් ගෙල වටා දැවටී තිබූ හෙඩ්ෆෝන් ගලවා ඉවතට විසි කළ බවයි.

ඔස්ට්‍රේලියානු ප්‍රවාහන ආරක්ෂණ කාර්යංශය පවසන්නේ, පිපිරීමත් සමග හටගත් ගිනි ගැනීමෙන් ඇයගේ මුහුණ කළු පැහැ ගැන්වී ඇති අතර දෑත්වල බිබිලි ද මතු වී ඇති බවයි.

කෙසේ වෙතත් අනතුරට ලක්වූ කාන්තාවගේ අනන්‍යතාවය හෙළි කර නොමැත.

_95154623_headphones1

ගුවන් යානයේ කාර්ය මණ්ඩලය කඩිනමින් ක්‍රියාත්මක වී අදාළ කාන්තාවට සහය වී ඇති අතර අවසානයේ හෙඩ්ෆෝන් මතට වතුර දමා ගින්න නිවීමට ක්‍රියා කර තිබේ.

ඒ වන විට දුරකතනයේ බැටරිය සහ ප්ලාස්ටික් ආවරණය උණුවී එය විනාශ වී තිබිණ.

_93645450_2c8dd6f1-24d2-4f5e-99da-91acd5202e8e

හෙඩ්ෆෝන් වර්ගය කුමක් ද යන්න සම්බන්ධයෙන් කරුණු හෙළි කර නොමැති අතර බලධාරීන් සැක පළ කරන්නේ, ලිතියම් බැටරියේ දෝෂයක් හේතුවෙන් පිපිරීම හට ගන්නට ඇති බව ය.

ඔස්ට්‍රේලියානු බලධාරීන් අනතුරු අඟවන්නේ, ගුවන් යානා තුළදී අවදානම් සහත බැටරිවලින් බල ගැන්වෙන උපකරණ භාවිත නොකරන ලෙසයි.

_95154628_headphones_4

ලිතියම් බැටරිවල හට ගත් දෝෂ හේතුවෙන් මෑත කාලයේදී මගී ගුවන් යානා ආශ්‍රිතව මෙවැනි සිදුවීම් කිහිපයක් වාර්තා විය.

ගමන් මල්ලක් තුළ තිබූ ලිතියම් බැටරියක් සහිත උපකරණයක් ගිනි ගැනීම හේතුවෙන් පසුගිය වසරේ සිඩ්නි ගුවන්තොටුපොළෙන් ගුවන්ගත වූ යානයක ගුවන් ගමන පවා අත්හිටුවීමට සිදුවිය.