English
தமிழ்
කර්තෘ Sagarika Chathumali
15 Mar, 2017 | 9:20 pm
විවිධ කණ්ඩායම්වල බලපෑම් හා අභිප්රායන් හේතුවෙන් ඉන්දීය සාගාර කලාපය තුළ සමුද්‍ර ත්‍රස්තවාදය මතුවීමේ අවදානමක් ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අවධාරණය කර තිබේ.
ඒ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවති 2017 ත්‍රස්ත මර්දන සමුළුව Skypet තාක්ෂණය ඔස්සේ ඊයේ පස්වරුවේ අමතමිනි.
ඉන්දීය සාගර කලාය තුළ මතුවෙමින් ඇති සමුද්‍ර ත්‍රස්තවාදය මැඩ පැවැත්වීම උදෙසා සියලු රටවල් අත්වැල්බැඳ ගතයුතු කාලය එළබ ඇති බව එහිදී අග්‍රමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
බිලියන 3ක් වෙසෙන ඉන්දියානු සාගර කාලපය හරහා ලෝකයේ බහාලුම් නැව් හරි අඩක් ගමන් කිරීම හේතුවෙන් ආසියානු හා මැද පෙරදිග රටවලට විශාල අර්ථික ශක්තියක් හිමිව ඇති බව පෙන්වා දෙන අග්‍රමාත්‍යවරයා පවසන්නේ සමුද්‍ර ත්‍රස්තාවාදය හේතුවෙන් මේ ආර්ථික ශක්තියට බලවත් තර්ජනයක් එල්ල වී ඇති බව ය.
සියලු රාජ්‍යන් අතර සාකච්ජාවෙන්, සහයෝගයෙන්, තොරතුරු හුවමාරුකරගැනීමෙන් හා විශේෂඥ දැණුම බෙදා හදා ගැනීමෙන් මෙම ත්‍රස්තවාදය වළක්වාගත හැකි බව ද අග්‍රමාත්‍යවරයා පෙන්වා දී තිබේ.
මේ අතර සිවිල් සේවයේ අනාගතය මැයෙන් පෞද්ගලික උපදේශන සමාගමක් වන මැකින්සි සමාගමේ ඇන්ඩෘ ග්‍රාන්ට් සහ සිලන් සිංහම් යන මහත්වරුන් අද අග්‍රාමාත්‍ය කාර්යාලේදී වැඩමුළුවක් පැවැත්වීය.
මෙහි මුලික අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ සිවිල් සේවාව තුළ සිදුවන නව ප්රවණතාවන්ට අවධානය යොමු කිරීමයි.
ආමාත්‍යාංශ ලේකම්වරුන්, ජ්‍යෙෂ්ඨ ත්‍රිවිධ හමුදා නිලධාරීන් ඇතුළ රාජ්‍ය නිලධාරීන්ගේ පිරිසක් ඊට එක්ව සිටියහ.
මෙම සම්මත්‍රණය සංවිධානය කර තිබුණේ, අග්‍රාමාත්‍ය කාර්යාලය යටතේ ක්‍රියාත්මක ප්‍රතිපත්ති සංවර්ධන කාර්යාලයේ කේන්ද්‍රිය ව්‍යාපෘති කළමනාකරණ ඒකකයයි.
22 Feb, 2019 | 10:50 AM
22 Feb, 2019 | 08:02 AM
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS