ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 50කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 50කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

ඇමතිවරුන්ට වාහන ගන්න කෝටි 50කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් පාර්ලිමේන්තුවට

කර්තෘ Sakila Udayakumara

08 Mar, 2017 | 9:31 am

අමාත්‍යවරුන් සඳහා වාහන මිලදී ගැනීමට රුපියල් කෝටි 50කට අධික පරිපූරක ඇස්තමේන්තුවක් ඊයේ පාර්ලමේන්තුවට ඉදිරිපත් කෙරිණි.

ඒ, ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා විසිනි.

මෙම ඇස්තමේන්තුව මගින් කැබිනට් අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් හා නියෝජ්‍ය අමාත්‍යවරුන් කිහිපදෙනෙකු සඳහා වාහන මිලදී ගැනීමට නියමිත ය.

මීට අමතරව විගණකාධිපති දෙපාර්තමේන්තුව සඳහා වාහන 25ක් මිලදී ගැනීම සඳහා ද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද මෙම පරිපූරක ඇස්තමේන්තුවෙන් මුදල් වෙන් කර ගැනීමට නියමිත ය.

එමගින් අපේක්ෂිත වියදම් සීමාවන් ඉක්මවා නොයන බව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ ලේඛනයේ සඳහන් ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]