මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට

මාධ්‍යවේදී කීත් නොයාර්ට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් බුද්ධි අංශ සාමාජිකයෙක් අත්අඩංගුවට

By Sakila Udayakumara

21 Mar, 2017 | 10:04 am

මාධ්‍යවේදී කීත් නොයාර් මහතාට පහර දී තුවාල සිදුකිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් තව ත් යුද හමුදා බුද්ධි අංශ සාමාජිකයෙකු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගෙන තිබේ.

පොලිස් මූලස්ථානය සඳහන් කළේ, ඊයේ රාත්‍රී 9.35ට පමණ සැකකාර බුද්ධි අංශ සාමාජිකයා අත්අඩංගුවට ගත් බව ය.

34 හැවිරිදි එම හමුදා සාමාජිකයා මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කීත් නොයාර් මහතා මෙම සිද්ධියට මුහුණ පෑවේ 2008 වසරේ මැයි මස 22 වන දා ය.

මෙම පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් මීට පෙර තව ත් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් කිහිප දෙනෙකු අත්අඩංගුවට පත් වූ අතර ඔවුහු රක්ෂිත බන්ධනාගාර ගත කර සිටිති.