කැන්ගරු දේශයේදී සිංහයන් 20යි 20 පළමු තරගයේ අණසක පතුරයි

කැන්ගරු දේශයේදී සිංහයන් 20යි 20 පළමු තරගයේ අණසක පතුරයි

By Sakila Udayakumara

Feb 17, 2017 | 6:09 pm

ඔස්ට්‍රේලියාව සහ ශ්‍රී ලංකාව අතර පැවති පළමු 20යි 20 ක්‍රිකට් තරගය කඩලු 5කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් විය.

කාසියේ වාසිය හිමි කර ගත් ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රථමයෙන් පන්දු රැකීමට තීරණය කළේ ය.

ඒ අනුව පිටියට පිවිසි ඔස්ට්‍රේලියානු කණ්ඩායම පන්දු වාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 168ක් රැස් කළේ ය.

ඔස්ට්‍රේලියානු කණ්ඩායම වෙනුවෙන් ආරෝන් ෆින්ච් ලකුණු 43ක් ද,මිචෙල් ක්ලින්ගර් ලකුණු 38ක් ද, ට්‍රේවිස් හෙඩ් ලකුණු 31ක් ද රැස් කළේ ය.

පන්දු යැවීමේදී ලසිත් මාලිංග කඩුලු 2ක් බිඳ හෙළූ අතර විකුම් සංජය, ලක්ෂාන් සඳකැන්,අසේල ගුණරත්න අතර එක් කඩුල්ල බැගින් බෙදී ගියහ.

ලකුණු 169ක ඉලක්කයක් කරා හඹා ගිය ශ්‍රී ලංකා කණ්ඩායම පන්දු වාර 20ක් අවසානයේ කඩුලු 5ක් පමණක් දැවී ලකුණු 172ක් රැස් කරමින් තරගයේ ජය වාර්තා කළේ ය.

ශ්‍රී ලංකාව වෙනුවෙන් අගනා පිතිහරඹයක් දියත් කළ අසේල ගුණරත්න ලකුණු 52ක් රැස් කළේ ය.

පන්දු යැවීමේදී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ඇඩම් සම්පා, ඇෂ්ටන් ටර්නර් කඩුලු 2 බැගින් බිඳ හෙළූහ.