කොළඹ ප්‍රසිද්ධ පාසල් සිසු ගැටුමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 10කට ඇප

කොළඹ ප්‍රසිද්ධ පාසල් සිසු ගැටුමට සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 10කට ඇප

By Sagarika Chathumali

Feb 16, 2017 | 8:47 am

කොළඹ ප්‍රසිද්ධ පාසල් දෙකක් සිසුන් දෙපිරිසක් අතර ඊයේ ඇතිවූ ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සිසුන් 15 දෙනාගෙන් 10 දෙනෙකු රුපියල් ලක්ෂයක ශරීර ඇප මත මුදා හැරිණ.

පොලීසිය සඳහන් කළේ, අනෙක් සිසුන් පස් දෙනා අද අලුත්කඩේ අධිකරණයට ඉදිරිපත් කරන බව ය.

මරදාන සහ බොරැල්ල පොලිස් ස්ථාන විසින් අදාළ සිසුන් අත්අඩංගුවට ගනු ලැබිණ.

මේ අතර ගැටුමෙන් තුවාල ලැබු සිසුන් 6 දෙනෙකු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කෙරිණ.