නීති විරෝධීව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ලාංකිකයින්ට යළි සිය රට එන්නැයි, අගමැතිගෙන් ඇරයුම්

නීති විරෝධීව ඔස්ට්‍රේලියාවේ රැඳී සිටින ලාංකිකයින්ට යළි සිය රට එන්නැයි, අගමැතිගෙන් ඇරයුම්

By Sagarika Chathumali

Feb 15, 2017 | 7:17 pm

ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර ක්‍රීඩා හා ආර්ථික සහයෝගික සබඳතා වැඩිදියුණු කිරීමට අදාළ අවබෝධතා ගිවිසුම් දෙකකට අද අත්සන් තැබිණ.

ඒ දෙරටේ අග්‍රාමාත්‍යවරුන් අතර පැවති හමුවට සමගාමීව යි.
ඕස්ට්‍රෙලියා අග්‍රාමාත්‍ය මැල්කම් ටර්බුල් මහතා විශේෂ ගෞරව සහිතව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු ශ්‍රී ලංකා දූත පිරිස පිළිගනු ලැබී ය.

අනතුරුව පැවති ද්විපාර්ශ්වික සාකච්ඡාවලදී අවබෝධතා ගිවිසුම් දෙකකට අත්සන් තැබිණ.

ක්‍රීඩා සංවර්ධන සහයෝගිතාවට අදාළ ගිවිසුමට අත්සන් තබනු ලැබුවේ, ඕස්ට්‍රෙලියාවේ ක්‍රීඩා හා සෞඛ්‍ය අමාත්‍ය ග්‍රේක් හන්ට් හා අමාත්‍ය දයාසිරි ජයසේකර යන මහත්වරුන් විසිනි.

ආර්ථික සහයෝගීතා සබඳතා වැඩිදියුණු කිරීම සඳහා වූ අවබෝධතා ගිවිසුමට ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රෙලියානු මහ කොමසාරිස් බ්‍රයිස් හචෙසන් හා මුදල් අමාත්‍යංශයේ ලේකම් ආචාර්ය ආර්. එච්. එස්. සමරතුංග යන මහත්වරුන් අත්සන් තැබී ය.

මෙහිදී මාධ්‍යවේදීයෙකු නැගූ ප්‍රශ්නයකට අග්‍රාමාත්‍යවරුන් පිළිතුරු ලබ දුන්නේ ය.

ප්‍රශ්නය : ඔබ බලයට පැමිණෙන විටදී හිටපු අග්‍රාමාත්‍ය ටෝනි ඇබර්ට්ව විවේචනය කළා .. ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළා යැයි කියන මානව අයිතිවාසිකම් උල්ලංඝණය කිරීම් නොදැක්‍කා සේ ටෝනි අබර්ට් මහතා කටයුතු කළා කියලා . ඔබ එහිදී පැවසුවේ මිනිස් ජාවාරමට සහය ලබාගැනීමට මේවා නොදැක්කා සේ සිටියා කියලා. ඔබ මේ ස්ථාවරයේ තාමත් ඉන්නව ද?

අගමැති : ටෝර්නි ඇබර්ට් මම දන්න කෙනෙක්. අපිට හැඟුණා මානව අයිතිවාසිකම්වලට අදාළ ගැටලුවලදී , තවත් අවධානය යොමුවි යුතු බව. ඒක දැන් ඉවරයි. අපි යළිත් බලයට ඇවිල්ලා ඉන්නේ

ප්‍රශ්නය : ඒ කියන්නේ තිබුණු සබඳතාවට දීර්ඝ කාලීන හානියක් නැහැ ?.

අගමැති : නැහැ .. ඇයි මම මෙතනට ඇවිල්ලා ඉන්නේ ?…

ටර්න්බුල් : අපි පරණ මිත්‍රයින්. අපි කලින් වතාවේදී හමුවෙන විට හිටියේ විපක්ෂයේ
ඔස්ට්‍රේලියාවට අයත් සංක්‍රමිණික රැඳවුම් මධ්‍යස්ථානවල රඳවා සිටින ශ්‍රී ලාංකිකයන්ට යළි දිවයිනට පැමිණෙන ලෙස, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ ඇරයුම් කළේ ය.

ශ්‍රී ලංකාවෙන් නීති විරෝධීව ඕස්ට්‍රේලියාවට පලා ගොස් නීති කඩකර ඇතත් ඔවුන් යළි දිවයිනට පැමිණෙන්නේ නම්, නඩු පැවරීමක් නොකරන බව ද අග්‍රාමාත්‍යවරයා ප්‍රකාශ කළේ ය.

[quote]ශ්‍රී ලංකාවේ ආරක්ෂාව හොඳයි අපි අතුරුදන්වූවන් වෙනුවෙන් කාර්යාලයක් පවා පිහිටුවමින් තිබෙනවා. ඒ අය ආරක්ෂාකාරීව ලංකාවට ගෙන ඒමට. රටින් පිට වනු පුද්ගලයින් හැම දෙනෙක්ම දෙමළ අයත් නෙවෙයි. දෙමළ ජාතික සංවිධානය පවා බලාගෙන ඉන්නේ සෑම කෙනෙක්ම රටට ගෙන්වා ගන්නා. අපි අද යුරෝපයේ සහ මැදපෙරදිග පවතින තත්ත්වයට මෙය පත්කර ගන්න හොද නෑ[/quote]