ඇල්ල රොක් කන්දෙන් ඇද වැටී පුද්ගලයෙකු මරුට (PHOTOS)

ඇල්ල රොක් කන්දෙන් ඇද වැටී පුද්ගලයෙකු මරුට (PHOTOS)

By Sagarika Chathumali

Feb 15, 2017 | 6:42 pm

ඇල්ල රොක් කන්දෙන් ඇඳ වැටී මිය ගිය 26 හැවිරිදි පුද්ගලයෙකු මළ සිරුර අද සොයා ගැනිණ.

මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, රාවනා ඇල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගයෙකි.

මිය ගිය පුද්ගලයා සිය සොයුරා සහ මිතුරෙකු සමග කන්දට නැග අවට සිරි නරඹමින් සිටියදී අඩි 400 ක් පමණ ප්‍රපාතයට ඇද වැටී ඇති බව පොලීසිය පවසයි.

ඊයේ (14) සවස පැවති අධික වැසි හෙතුවෙන් මළ සිරුර තිබෙන ස්ථානයට ළඟා වීමට අසිරු වී ඇති අතර අද බදුල්ල පෞද්ගලික ඡීවිතාරක්ෂක කණ්ඩායමක් විසින් සිරුර ගොඩ ගනු ලැබු බව පොලීසිය පැවසී ය.

ELLA ROK MARANAYA 6 ELLA ROK MARANAYA 4 ELLA ROK MARANAYA