ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්, මාලිංගට පළමු පන්දුවාරයේදීම කඩුල්ලක්

ඔස්ට්‍රේලියාවේදී ශ්‍රී ලංකාවට සාර්ථක ආරම්භයක්, මාලිංගට පළමු පන්දුවාරයේදීම කඩුල්ලක්

By Nadeeshan Meedin

Feb 15, 2017 | 5:47 pm

ඔස්ට්‍රේලියාවේ පැවැත්වෙන පන්දුවාර 20/20 ක්‍රිකට් තරගාවලියට සහභාගීවන ශ්‍රී ලංකා කණ්ඩායම ජයග්‍රාහී ආරම්භයක් ලබා ගැනීමට සමත්විය.

ඒ අද කැන්බරා හීදී පැවැති පුහුණු පන්දුවාර 20/20 තරගයේදී කඩුලු 5 ක ජයක් වාර්තා කරමිනි.

වසරකට අධික කාලයක් ආබාදයක් හේතුවෙන් තරගබිමට නොපිවිසි ලසිත් මාලිංග අද නැවත තරගබිමට පිවිසෙමින්, පළමු පන්දුවාරයේදිම කඩුල්ලක් දවා ගැනීමට සමත්විය.

ලසිත් මාලිංග දවාගත් කඩුල්ල.  (Video Curtest: Australia Cricket )

ශ්‍රී ලංකා කණ්ඩායම නියෝජනය කිරීමේ අවස්ථාව ලද යොවුන් ක්‍රීඩක විකුම් සංජය අද කඩුලු තුනක් දවා ගැනීම විශේෂත්වයක් විය.

විකුම් සංජය කඩුලු දවාගැනීමේ අවස්ථාවේ වීඩියෝව (Video Curtest: Australia Cricket )

අගමැතිවරයාගේ කණ්ඩායම 169/6 (20)
සෑම් හීස්ලෙට් 58, ඇඩම් වෝජස් 54* ( විකුම් සංජය 26/3, ලසිත් මාලිංග 26/1)
ශ්‍රී ලංකා කණ්ඩායම 170/5
(උපුල් තරංග 47*, නිරෝෂන් දික්වැල්ල 47, ඩිල්ශාන් මුණවීර 32, මිලින්ද සිරිවර්ධන 25)
ඔස්ට්‍රේලියාව හා ශ්‍රී ලංකාව අතර පළමු  පන්දුවාර 20/20 තරගය ලබන සිකුරාදා (17) පැවැත්වීමට නියමිතය.