අධ්‍යක්ෂක තනතුරට පමණක් ජනපති නිර්දේශ කරද්දී මුහුන්තන් කනගෙයි ICTA ප්‍රධාන විධායක නිලධාරී වූයේ කෙසේද?

අධ්‍යක්ෂක තනතුරට පමණක් ජනපති නිර්දේශ කරද්දී මුහුන්තන් කනගෙයි ICTA ප්‍රධාන විධායක නිලධාරී වූයේ කෙසේද?

කර්තෘ Chathuranga Rajapaksha

28 Feb, 2017 | 5:55 pm

ශ්‍රී ලංකා තොරතුරු හා සන්නිවේදන තාක්ෂණ ආයතනය හෙවත් අයි.සී.ටී.ඒ. ආයතනයට මුහුන්තන් කනගෙයි මහතාගේ පත්වීම සම්බන්ධයෙන් 2016 ජනවාරි 26 වන දින ජනාධිපතිතුමාගේ නිර්දේශ ඇතුළත් ලිපියක් අද පස්වරුවේ අප වෙත ලැබිණි.

එහි දැක්වුණේ, කනගෙයි මහතා අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පමණක් පත් කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය දී ඇති බව ය.

ජනාධිපති කාර්යාලය මේ ලිපිය යවා ඇත්තේ, විදුලි සංදේශ හා ඩිජිටල් යටිතල පහසුකම් අමාත්‍යංශයේ ලේකම්වරයාට ය.

මුහුන්තන් කනගෙයි මහතා අයි.සී.ටී.ඒ. ආයතනයේ අධ්‍යක්ෂවරයෙකු වශයෙන් පමණක් පත් කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය දී ඇති බව එම ලිපියෙන් දැනුම් දෙයි.

කනගෙයි මහතා අයි.සී.ටී.ඒ. ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරීවරයා ලෙස කටයුතු කරන්නේ අධ්‍යක්ෂවරයෙකු ලෙස පමණක් පත් කිරීමට ජනාධිපතිවරයා අනුමැතිය දී ඇති පසුබිමක ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]