BREAKING : කළුතරදී මැර පිරිසක් බන්ධාගාර බස්රථයට කඩා වැදී පාතාලේ ‘සමයං’ ඇතුළු 7ක් වෙඩි තබා මරා දමති (VIDEO)

BREAKING : කළුතරදී මැර පිරිසක් බන්ධාගාර බස්රථයට කඩා වැදී පාතාලේ ‘සමයං’ ඇතුළු 7ක් වෙඩි තබා මරා දමති (VIDEO)

කර්තෘ Sagarika Chathumali

27 Feb, 2017 | 9:06 am

Update : කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන්‍ මිය ගිය පිරිස 7ක් දක්වා ඉහළ ගොස් තිබේ.

අද උදෑසන පාතාල කල්ලි නායක සමයං හෙවත් අරුණ උදයශාන්ත පතිරණ ඇතුළු රැඳවියන් රැගන යමින් සිටි මෙම බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් ඔහු ඇතුළු තවත් රැඳවියන් 5 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

වෙඩි ප්‍රහාරයෙන් බන්ධනාගාර නිලධාරීන් සිව් දෙනෙකුට තුවාල සිදු වූ අතර ඔවුන් අතරින් නිලධාරීන් දෙදෙනෙකු ද මේ වන විට ජීවිතක්ෂයට පත්ව තිබේ.

බන්ධනාගාර බස් රථය කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත ධාවනය වෙමින් තිබියදී අද පෙරවරු 9ට පමණ මෙම වෙඩි ප්‍රහාරය එල්ල විය.

පොලීසිය ප්‍රකාශ ක‍ළේ, කළුතරදී කැබ් රථයකින් පැමිණි පිරිසක් බස් රථ හරස් කර නවත්වා බස් රථයතුළට ඇතුළු වී වෙඩි තැබීම සිදුකර ඇති බව ය.

————————

Update : කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා සිටි තවත් අයෙක් ජීවිතක්ෂයට පත්ව තිබේ.

ඒ අනුව අදාළ වෙඩි ප්‍රහාරයෙන් මේ වන විට පාතාල කල්ලි නායක සමයං ඇතුළු 6 දෙනෙක් ජීවිතක්ෂයට පත් ව ඇත.

———————-

Update : කළුතරදී බන්ධනාගාර බස් රථයට එල්ල වූ වෙඩි ප්‍රහාරයෙන්‍ පාතාල කල්ලි නායක සමං හෙවත් අරුණ උදයශාන්ත පතිරණ ඇතුළු රැඳවියන් 5 දෙනෙකු මිය ගොස් ඇතැයි පොලීසිය පවසයි.

පොලීසිය ප්‍රකාශ කළේ, වෙඩි තැබීමෙන්, බන්ධනාගාර නිලධාරින් 4 දෙනෙකු තුවාල ලබා ඇති බව ය.

බන්ධනාගාර බස් රථය කළුතර සිට කඩුවෙල අධිකරණය වෙත ධාවනය වෙමින් තිබියදී අද උදෑසන වෙඩි ප්‍රහාරය එල්ල විය.

පොලීසිය ප්‍රකාශ ක‍ළේ, කළුතරදී කැබ් රථයකින් පැමිණි පිරිසක් බස් රථ හරස් කර නවත්වා බස් රථයතුළ ට පිවිස මෙම වෙඩි තැබීම සිදුකර ඇති බව ය.

——————————————————————————————

බන්ධනාගාරගතව සිටින පාතාල කල්ලි නායක සමයං හෙවත් අරුණ උදයශාන්ත පතිරණ බන්ධනාගාරයේ සිට අධිකරණය වෙත රැගෙන යමින් සිටි බස් රථයට වෙඩි ප්‍රහාරයක් එල්ල වී ඇතැයි බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක වරයා පවසයි.

වෙඩි ප්‍රහාරය එල්ල වී ඇත්තේ කලුතර ප්‍රදේශයේදී ය.

මෙම සිද්ධියෙන් තුවාල ලැබූ කිහිප දෙනෙකු රෝහල්ගත කරමින් සිටින බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල් දෙණිය මහතා සඳහන් කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]