කුරුණෑගල පිහිටි ආපන ශාලාවක ආහාර ගනිමින් සිටි පිරිසකට එල්ල වූ ප්‍රහාරය (CCTV)

කුරුණෑගල පිහිටි ආපන ශාලාවක ආහාර ගනිමින් සිටි පිරිසකට එල්ල වූ ප්‍රහාරය (CCTV)

කර්තෘ Hashini De Mel

25 Feb, 2017 | 8:45 pm

කුරුණෑගල, පොල්අතුපිටිය මංසන්ධියේදී අද අලුයම සිදු වූ පහරදීමකින් පුද්ගලයින් තිදෙනෙකු තුවාල ලබා තිබේ.

අද අලුයම 1.00ත් 2.00ත් අතර කාලයේදී සිදු වූ පහරදීම අසළ පිහිටි ආරක්ෂක කැමරාවක පටිගත වී තිබිණි.

මේ අතර අප වාර්තාකරු පැවසුවේ, පොල්අතුපිටිය මංසන්දියේ පිහිටි ආපනශාලාවක ආහාර ගනිමින් සිටි පිරිසකට මෙම ප්‍රහාර එල්ල වී ඇති බව ය.

ප්‍රහාරයෙන් තුවාල ලැබූවන් පසුව කුරුණෑගල ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අතර ඉන් එක් අයෙකු බරපතල තත්ත්වයේ පසුවන බව කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රකාශයෙකු සඳහන් කළේ ය.

නවීන මෝටර් රථයකින් පැමිණි පුද්ගලයින් පිරිසක් අදාළ පහරදීම සිදු කර ඇත්තේ පොල්අතුපිටිය ප්‍රදේශයේම පදිංචි තරුණයින් පිරිසකට වන අතර වෙනත් පුද්ගලයින් පිරිසකට පහරදීමට පැමිණි පිරිසක් මෙම තරුණයින්ට පහරදී ඇති බවට පොලීසිය සැක පළ කළේ ය.

සිද්ධිය සම්බන්ධයෙන් කිසිවෙකුත් මේ වන විට අත්අඩංගුවට ගෙන නොමැති අතර, පහර දුන් පුද්ගලයින් මේ වන විට හඳුනාගෙන ඇතැයි පොලීසිය පැවසුවේය.

පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් මේ වන විට ප්‍රදේශයෙන් පළාගොස් ඇති බව ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]