රුපියල් ලක්ෂ 24ක රත්‍රං තොගයක් ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු රේගු භාරයට

රුපියල් ලක්ෂ 24ක රත්‍රං තොගයක් ඉන්දියාවට රැගෙන යාමට තැත් කළ පුද්ගලයෙකු රේගු භාරයට

කර්තෘ Hashini De Mel

24 Feb, 2017 | 4:19 pm

නීති විරෝධිව ඉන්දියාවේ බැංගලෝරය වෙත රැගෙන යාමට තැත් කළ වටිනා රත්‍රං තොගයක් කටුනායක ගුවන් තොටුපොළේදී රේගු භාරයට ගෙන තිබේ.

රේගු මාධ්‍ය ප්‍රකාශක ධර්මසේන කහදව මහතා සඳහන් කළේ, අද අලුයම භාරයට ගත් මෙම රත්‍රං තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 24ක් පමණ වන බව ය.

සැකකරු සිය ගමන් මල්ලේ ඉතා සුක්ෂම අයුරින් මෙම රත්‍රං තොගය සඟවා රැගෙන යාමට තැත් කර ඇති අතර එහි තිබි රත්‍රං කැබලි 32ක් සොයා ගෙන ඇති අතර එහි බර ග්‍රෑම් 400 ක් වේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]