Update : මාධ්‍යවේදී කීත් නොයා මහතාට පහර දීම සම්බන්ධයෙන් තව ත් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් 2ක් අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

19 Feb, 2017 | 9:17 am

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැරගෙන ගොස් සිරකර තබා පහර දීම සම්බන්ධයෙන් සැකපිට තව ත් හමුදා බුද්ධි අංශ සාමාජිකයින් දෙදෙනෙකු අද උදෑසනදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් යුද හමුදා සාමාජිකයින් 3දෙනෙකු ඊයේ දිනයේදී අත්අඩංගුවට ගැනුණු අතර ඔවුන් ලබන 23වැනි දා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මේ අනුව සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන ඇති සමස්ත සැකකරුවන් ගණන 5ක් වන අතර එහි හමුදා මේජර්වරයකු ද වේ.

නේෂන් පුවත්පතේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගෙන ගොස් පහර දී ඇත්තේ 2008 වසරේ මැයි මාසයේදී ය.

උණුසුම් පුවත්

අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]