නොච්චියාගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

නොච්චියාගම ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරින් පුද්ගලයින් දෙදෙනෙකු මරුට

කර්තෘ Hashini De Mel

09 Feb, 2017 | 1:54 pm

නොච්චියාගම, තඹුත්තේගම මාර්ගයේ නාරංගස්වැව ප්‍රදේශයේ සිදු වූ රිය අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මිය ගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, යතුරුපැදියක් වේගය පාලනය කරගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පෙරළී ගසක ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇති බව ය.

අනතුරින් මිය ගොස් ඇත්තේ අවුරුදු 44 සහ 42 වයස්වල පසුවන පුද්ගලයන් දෙදෙනෙකු වන අතර ඔවුන්ගේ මෘත ශරීර මේ වන විට නොච්චියාගම ප්‍රාදේශීය රෝහලේ සහ අනුරාධපුර ශික්ෂණ රෝහලේ තැන්පත් කර තිබේ.

මේ පිළිබඳ නොච්චියාගම ‍පොලීසිය විසින් වැඩිදුර පරීක්ෂණ සිදු කරනු ලබයි.