English
தமிழ்
කර්තෘ Nadeeshan Meedin
08 Feb, 2017 | 6:49 pm
පන්දුවාර 20/20 ක්‍රිකට් තරග ඉතිහාසයේ පළමු ත්‍රිත්ව ශතකය වාර්තා කිරීමට ඉන්දිය යොවුන් ක්‍රීඩකයෙකු සමත්ව සිටීයි.
විදෙස් වාර්තා පවසන්නේ, 21 හැවිරිදි වියේ පසුවන මොහිත් අල්වාත් (Mohit Ahlawat) දිල්ලි හීදී පැවති තරගයක දී මෙම දක්ෂතාව දක්වා ඇති බවය.
ගොවි පවුලක උපන් මොහු මෙහිදී පන්දු 72 කින් ලකුණු 300 ක් රැස්කර ඇත්තේ, හයේ පහර 39 ක් හා හතරේ පහර 14 ක් සමගිනි.
මෙම දක්ෂතාව හේතුවෙන්, මීළඟ අයි පී එල් ක්‍රිකට් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාවක් ද මොහිත් අල්වාත් ට හිමිව ඇති බව විදෙස් වාර්තා සඳහන් කරයි.
දිල්ලි ඩෙයාර් ඩෙවිල් කණ්ඩායම නියෝජනය කිරීමට නවකයන් තෝරාගැනීමේ තරග සඳහා මොහිත් අල්වාත්ව යොදා ගැනීමට ගත් තීරණය හේතුවෙන්, ඔහුට ඉදිරි අයි. පී. එල් තරගාවලියට සහභාගීවීමේ අවස්ථාවද හිමිවනු ඇත.
This is unbelievable !!! #MohitAhlawat hits an incredible 300 off just 72 balls with 39 sixes and 14 fours in a #T20 match on Delhi ????? pic.twitter.com/epHw806hwr
— KK Senthil Kumar (@DOPSenthilKumar) February 7, 2017
ඔහු නියෝජනය කල මාවී ඉලවන් (Maavi XI) කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළ කඩුලු 2 ක් දැවී ලකුණු 416 ක් රැස්කර ඇති අතර, ප්‍රතිවාදී ෆ්‍රෙන්ඩ්ස් ඉලවන් (Friends XI) කණ්ඩායම ලකුණු 200 ක් රැස්කර ඇත.
මොහිත් අල්වාත් නොදැවී රැස්කල ලකුණු 300 වාර්තා අතරට එක්ව ඇත්තේ, ඕනෑම පන්දුවාර 20/20 තරගයක ත්‍රිත්ව ශතකයක් රැස්කළ පළමු අවස්ථාව ලෙසවේ.
28 Nov, 2019 | 06:23 AM
05 Nov, 2019 | 08:47 AM
අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]
නිව්ස්ෆස්ට්, එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්, එම්.බී.සී නෙට්වර්ක් ප්‍රයිවට් ලිමිටඩ් 45/3, බ්‍රේබෲක් පෙදෙස කොළඹ 2.
දු.ක : +94 114 792 700, ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ් | වෙබ් අඩවි නිර්මාණය 3CS
දු.ක : +94 114 792 700
ෆැක්ස් : +94 114 792 733
[email protected]
කතුහිමිකම © 2018 එම්.ටී.වී චැනල් ප්‍රයිවට් ලිමිටඩ්
කොන්දේසි |
පුවත් සංරක්ෂිතය|
වෙබ් අඩවි නිර්මාණය 3CS