පිටිපනදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

පිටිපනදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

පිටිපනදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීම සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට

කර්තෘ Hashini De Mel

03 Feb, 2017 | 9:27 am

හෝමාගම, පිටිපන ප්‍රදේශයේදී පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට සම්බන්ධ ප්‍රධාන සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ලද තොරතුරකට අනුව අතුරුගිරිය, ගාමිණිපුර ප්‍රදේශයේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව ය.

සැකකරුවන් සතුව තිබී ටී56 ගිනි අවියක්, ජීව උණ්ඩ 52 ක්, මැගසින් 2ක්, මයික්‍රො වර්ගයේ පිස්තෝලයක්, පතොරම් 08ක් සහ යතුරු පැදියක් ද සොයා ගෙන තිබේ.

සැකකරුවන් අවුරුදු 28 සහ 33 යන වයස් වල පසු වන පනාගොඩ සහ මීටියාගොඩ ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

පසුගිය ජනවාරි 18 වෙනි දා හෝමාගම පිටිපන ප්‍රදේශයේදී සැකකරුවන් විසින් අදාළ පුද්ගලයා වෙඩි තබා ඝාතනය කර තිබුණු අතර ඔහු 39 හැවිරිදි මිගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]