නිදහස් සැමරුම හේතුවෙන් හෙට අලුයම සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලස්මක්

නිදහස් සැමරුම හේතුවෙන් හෙට අලුයම සිට කොළඹ අවට විශේෂ රථ වාහන සැලස්මක්

කර්තෘ Hashini De Mel

03 Feb, 2017 | 2:33 pm

ගාලුමුවදොර පැවැත්වෙන 69 වෙනි නිදහස් සැමරුම් ප්‍රධාන උත්සවය හේතුවෙන් හෙට අලුයම සිට කොළඹ විශේෂ රථ වාහන සැලස්මක් ක්‍රියාත්මක බව පොලීසිය පැවසුවේ ය.

ඒ, අනුව හෙට අලුයම 5 සිට දහවල් 12 දක්වා ගාලු පාර, ගාලු මුවදොර වටරවුමේ සිට පරණ පාර්ලිමේන්තු වටරවුම දක්වා වසා තැබෙනු ඇත.

මීට අමතරව අදාළ කාලය තුළ චෛත්‍ය පාර ද වසා තැබෙන බව පොලීසිය පැවසුවේ ය.

උදෑසන 7 සිට දහවල් 12 දක්වා කොල්ලුපිටිය මංසන්ධියෙන්, ශාන්ත මයිකල් පාරෙන්, රොටුන්ඩා වටරවුමෙන් ගාලු පාරට ඇතුළු වීමට අවස්ථාව නොලැබෙන බව ද පොලීසිය පවසා ඇත.

මීට අමතරව සෙරමික් මංසන්ධියෙන් පරණ පාර්ලිමේන්තුව දෙසට සහ යෝර්ක් විදියෙන් බැංකු මාවතට පිවිසීමට එම කාලය තුළ අවසර නොලැබෙනු ඇත.

පොලීසිය පැවසුවේ, හෙට පෙරවරු 8 සිට දහවල් 12 දක්වා ගාමිණී වටරවුමෙන් ඩී. ආර් විජේවර්ධන මාවතට ඇතුළු වීමට සහ කොම්පඤ්ඤ වීදිය පොලීසිය වටරවුමෙන් ඊගල් මංසන්ධිය දෙසට ඇතුළු වීමට ද ඉඩ නොලැබෙන බව ය.

මේ අතර අදාළ කාලය තුළ කොළඹින් පිටවීම සහ කොළඹට ඇතුළු වීම සඳහා ද විකල්ප මාර්ග කිහිපයක් පොලීසිය විසින් හඳුන්වා දී තිබේ.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]