උතුරු කොරියාව බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලයි

උතුරු කොරියාව බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලයි

By Hashini De Mel

12 Feb, 2017 | 11:45 am

උතුරු කොරියාව විසින් බැලිස්ටික් මිසයිලයක් අත්හදා බලන ලදි.

දකුණු කොරියානු මාධ්‍ය උපුටා දක්වමින් බී.බී.සී ලෝක සේවය සඳහන් කළේ, එය හඳුනා‍ නොගත් වර්ගයකට අයත් බැලිස්ටික් මිසයිලයක් බව ය.

ඉකුත් වසරේදී උතුරු කොරියාව න්‍යෂ්ටික අත්හදා බැලීම් කිහිපයක් සිදුකරනු ලැබිය.

උතුරු කොරියානු නායක කිමි ජොං අං ඉකුත් ජනවාරි මාසයේදී කියා සිටියේ, ළඟදීම තම රට න්‍යෂ්ටික යුද ශීර්ෂ රැගෙන යාමට සමත් දිගු දුර මිසයිල අත්හදා බැලීමට සුදානම් බව ය.

උතුරු කොරියාවේ අඛණ්ඩ මිසයිල අත්හදා බැලීම් න්‍යෂ්ටික අත්හදා බැලීම් සහ ප්‍රකෝපකාරී ප්‍රකාශයන් කලාපයේ නොසනසුන්තාව වර්ධනය කිරීමට ද හේතුවී තිබේ.

ඉකුත් සතියේ දකුණු කොරියාවේ සංචාරක නිරත වූ අමෙරිකානු ආරක්ෂක ලේකම්, ජේම්ස් මැටී කියා සිටියේ මෙම වසර අවසානයේදී දකුණු කොරියාවේ අමෙරිකානු මිසයිල ආරක්ෂක පද්ධතියක් ඉදිකිරීමට සැලසුම් කර ඇති බව ය.

මේ වසර අවසානයේදී දකුණු කොරියාවේ අමෙරිකානු මිසයිල ආරක්ෂක පද්ධතියක ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි ද ඔහු වැඩිදුරටත් කියා සිටියේ ය.

උතුරු කොරියාව පැවසූවේ, අමෙරිකාවට න්‍යෂ්ටික ප්‍රහාරයක් එල්ල කිරීමට තමන් සමත් බවත් අමෙරිකාව ළඟා වීමට සමත් නව අන්තර් මහාද්වීපික බැලිස්ටික් මිසයිලයක් තමන් සතු බව ද එම ඕනෑම අවස්ථාවක අත්හදා බැලීමට තමන් සුදානම් බව ද උතුරු කොරියාව ඉකුත් සතියකදී වැඩිදුරටත් කියා සිටියේ ය.