මාධ්‍යවේදී ප්‍රශ්න හමුවේ ඇමතිවරුන් මොකද ගියේ? (VIDEO)

මාධ්‍යවේදී ප්‍රශ්න හමුවේ ඇමතිවරුන් මොකද ගියේ? (VIDEO)

By Sakila Udayakumara

Jan 05, 2017 | 10:33 pm

හම්බන්තොට වරාය චීන සමාගමකට බදු දීමේ ගිවිසුම් අත්සන් කිරීම ලබන 7 වන දා සිදු නොවන බව උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා පවසයි.

අද පැවති ප්‍රවෘත්ති සාකච්ජාවකදී ඔහු ප්‍රකාශ කළේ, එම ගනුදෙනුවට අදාළව තව ත් ගිවිසුම් 3ක් අත්සන් කිරීමට ඇති බැවින් මේ මාසය නිමා වීමට පෙර එම ගිවිසුම් අත්සන් තබන බව ය.

ඒ පිළිබඳව කටයුතු කිරීමට ආචාර්ය සරත් අමුණුගම මහතාගේ සභාපතිත්වයෙන් යුත් කැබිනට් අනුකාරක සභාවක් පත් කර ඇති බව ද අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා මෙහිදී ප්‍රකාශ කළේ ය.

මාධ්‍යවේදී –
[quote]අවසන් වරට තිබුණු මාධ්‍ය හමුවේදී ඔබතුමා කිව්වා 7 වන දා මේ ගිවිසුම අත්සන් කරන්න බලාපොරොත්තු වෙනවා කියලා. එකේ කල් යාමක් තියෙනවා ද?[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]තාම අපි සාකච්ජා ක‍රගෙන යනවා. මම හිතන්නේ තව දවස් 10ක් 14ක් යනකොට ඒක අවසන් කරන්න පුළුවන් වෙයි කියලා.[/quote]

මාධ්‍යවේදී –
[quote]7 වන දා මේක අත්සන් කරන්න බැරි වුණේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විරුද්ධත්වයක් පළ කරන නිසා ද?[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]එතුමාගෙන් කිසිම විරුද්ධත්වයක් නෑ.[/quote]

මාධ්‍යවේදී –
[quote]ශ්‍රී ලංකා නිදහස් පක්ෂය මේකට සම්පූර්ණයෙන් එකඟ ද?[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]කැබිනට් එකට දැම්මා දැන‍ට ඔක්කොමලා එකඟයි.[/quote]

මාධ්‍යවේදී –
[quote]7 වෙනිදා මොකද්ද සිද්ද වෙන්නේ?[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]හත්වෙනිදා තියෙන්නේ රුහුණු සංවර්ධන කලාපය පටන්ගන්න.[/quote]

මාධ්‍යවේදී –
[quote]ඒකාබද්ධ විපක්ෂය චෝදනා කරනවා මූලික ගිවිසුම් අත්සන් කරලා තියෙනවා ඩොලර් මිලියන 330 ක මූල්‍ය වංචාවක් වෙලා තියෙනවා කියලා[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]2004 අපේ ඇමතිවරුන් 10 දෙනෙකුටත් මටත් පාස්කරලිංගම් මැතිතුමාටත් චරිත රත්වත්තේ මැතිතුමාටත් ඔය විදිහට චෝදනා කෙරුවා. 2004 ඉඳලා 2015 වෙනකම් ආණ්ඩුව කළේ ඒ ගොල්ලන් එකක්වත් ඔප්පු කෙරුවා ද? එකක්වත් පරික්ෂණ කෙරුවා ද? ඒ ඩිෂිසන් එක ඉදිරිපත් කෙරුවේ ඒ නිලධාරී කොමිටුවෙන්[/quote]

මාධ්‍යවේදී
[quote]අද පාර්ලිමෙන්තුවේදී ප්‍රවාහන හා සන්නිවේදන පිළිබඳ ආංශික අධික්ෂණ කාරක සභාව රැස්වුනා. අද උදේ මං හිතන්නේ ඔබතුමා දැණුවත් ද?[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]මම ඒක ගැන දන්නේ නෑ [/quote]

මාධ්‍යවේදී
[quote]රැස්වුනු ආංශික කාරක සභාවට පාර්ලිමෙන්තු මන්ත්‍රීවරුන් සහභාගී වුණා. නමුත් වරාය අමාත්‍යාංශයවත් වරාය අධිකාරියවත් කිසිදු නිලධාරියෙක් සහභාගී වෙලා නෑ.  ඒ ගැන එතුමා දැනුවත් ද?[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]මම දැනුවත් නැහැ ඒ ගැන මට ඒක ගැන දන්නෙත් නැහැ අපි දැන් මෙතන සාකච්ඡා කරනවා ගිවිසුම් ගැන[/quote]

රවි කරුණානායක (මුදල් අමාත්‍ය)
[quote]අපි තමයි මේක කිව්වේ මේක ඇමතිවරයෙක් විතරක් නෙමෙයි මේක පාර්ලිමේන්තුවේ විමර්ශනයට ලක් කරන්න කියලා. විමර්ශනයට ලක් කරන්න පුළුවන් වෙන්නේ ක්‍රියාවක් මිසක් කරන්න යන ක්‍රියාවක් ගැන නොවෙයි. ඉතිං චමල් රාජපක්ෂ තමාලා වරාය නැති කරලා දැන් ගෙනල්ලා හදන්න හදනවා. ඒ නැති කරපු ණයබරතාවය මේවා කරන්න අපි කිසි ප්‍රශ්නයක් නැහැ. නමුත් මෙතන ගිවිසුමක් නැහැ.[/quote]

මාධ්‍යවේදී
[quote]නැහැ ඇමතිතුමා මම ගිවිසුමක් ගැන නෙමෙයි දැන්[/quote]

රවි කරුණානායක (මුදල් අමාත්‍ය)
[quote]ඔබතුමා ඔතන පාවිච්චි කරන්නේ මන්ත්‍රීවරු කරපු ප්‍රකාශයක් ගැන ඒක සම්පූර්ණයෙන්ම කිසිම ව්‍යවස්ථානුකූල කටයුත්තක් නෙමෙයි[/quote]

මාධ්‍යවේදී
[quote]ඔබතුමාලා ආංශික අධීක්ෂණ කාරක සභාවක් බිහි කළේ ‍ඇයි?[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]නැහැ ඉතිං ගිවිසුමක් අත්සන් කරලවත් නැහැනේ අපි[/quote]

මාධ්‍යවේදී
[quote]ගිවිසුම නෙමෙයි ඇමතිතුමා මේ පිළිබඳව මතුවෙලා තියෙන කාරණාව[/quote]

රවි කරුණානායක (මුදල් අමාත්‍ය)
[quote]කරුණාකරලා ඔච්චර කෑ ගහන්න ඕන නැහැ ප්‍රශ්නයක් අහන්න. මේක මේ මාධ්‍ය සංදර්ශනයක නෙමෙයි මේ තියෙන්නේ. අපි ආණ්ඩුවක් ව‍ශයෙන් අපි කරපු වැරද්දක් තියෙනවා කියලා හිතුනට අපි තමයි ඉස්සෙල්ලා ගෙනල්ලා දීලා තියෙන්නේ. මෙතන චමල් රාජපක්ෂට කිසිම අයිතියක් නැහැ. මේ සම්බන්ධයෙන් ගිහිල්ලා බලන්න. අපි ඒක ඉඩ දෙනවා .දෙන්නේ අපිත් දැනගත්තට පස්සේ මොකක්ද අත්සන් කරන්නේ කියලා.[/quote]

මාධ්‍යවේදී
[quote]මට තව ප්‍රශ්නයක් තියෙනවා[/quote]

රවි කරුණානායක (මුදල් අමාත්‍ය)
[quote]නැහැ අවශ්‍ය නැහැ.[/quote]

මාධ්‍යවේදී
[quote]මලික් සමරවීර ඇමතිතුමා මේකේ චෝදනාවක් තියෙනවා. අද සිදුවිම මුල් කරගෙන චෝදනාවක් තියෙනවා .[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]ඔයා ඔයා කවුද චෝදනා කරන්නේ.[/quote]

මාධ්‍යවේදී
[quote]වරාය අමාත්‍යාංශ නිලධාරීන්ට හෝ වරාය අධිකාරියේ නිලධාරීන්ට සහභාගී වෙන්න එපා කියලා. අගමැතිතුමා ද දැනුම් දුන්නේ.?[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]ඒක මගෙන් අහන්න එපා ඒක අගමැතිතුමාගෙන් අහන්න ගිහිල්ලා.[/quote]

රවි කරුණානායක (මුදල් අමාත්‍ය)
[quote]ඔබතුමා දන්නේ කොහොමද අගමැතිතුමා කියන එක?[/quote]

මාධ්‍යවේදී
[quote]නැවත ජනවාරි මාසේම දිනයක ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වෙලා තීන්දු කරලා තියෙනවා මොකටද මේ?[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]ඇයි ප්‍රශ්න අහන්න දෙන්නේ ආවේගයෙන්නේ මේ ඔබතුමාලා අහන්නේ.[/quote]

රවි කරුණානායක (මුදල් අමාත්‍ය)
[quote]නෑ නෑ නෑ අපි අහලා එක ප්‍රශ්නයක් ගැන විකෘති කිරීමක් තිබෙනවා නම් මේ හැන්දෑවේ නිවුස්වලට ඒක හරියන්නේ නැහැ.[/quote]

මාධ්‍යවේදී

[quote]මලික් ඇමතිතුමා දැන් මේ එක ඇග්‍රීමන්ට් එකක් තියෙනවා ඩ්‍රාෆ්ට් ඇග්‍රීමන්ට් එකක් වරාය අධිකාරියයි අමාත්‍යාංශ ලේකම් තුන්දෙනයි ඔපර්රේටර් කියලා කොම්පැණියක් ඔබතුමා කිව්ව ආකාරයට. ඒ ඩ්‍රාෆ්ට් ඇග්‍රීමන්ට් එකේ තියෙනවා එක ක්ලෝස් එකක් තනි හා සම්පූර්ණ අයිතිය මේ වරායේ අපි දෙනවා මේ කොම්පැනියට. ඔපරෙට් කරන්න මේකේ සත්‍යතාවක් තියෙනවාද?[/quote]

මාධ්‍යවේදී
[quote]රුහුණු සංවර්ධන කලාපය 7 වෙනිදා පටන් ගන්නවා එකෙන් අදහස් කරන්නේ මොකද්ද?[/quote]

මලික් සමරවික්‍රම (උපායමාර්ග සංවර්ධන හා ජාත්‍යන්තර වෙළෙඳ අමාත්‍ය)
[quote]රුහුනේ සංවර්ධනය ඇති කරන්න කියලා මං ඉස්සෙල්ලා කිව්වා වාගේ ඒ කලාපයේ. ඒ විදිහට පළකයක් ඔපන් කරයි.[/quote]

මාධ්‍යවේදී
[quote]ඇමතිතුමනි සාමාවෙන්න අපිට තව ප්‍රශ්නයක් තියෙනවා. මලික් සමරවික්‍රම ඇමතිතුමා, ඇමතිතුමා පළා ගියා කියලා තමයි කියන්න වෙන්නේ.[/quote]

[youtube url=”www.youtube.com/watch?v=humzyT3SbPo&feature=youtu.be” width=”560″ height=”315″]

මලික් සමරවික්‍රම   රවි කරුණානායක