දෙවැනි ටෙස්ට් තරගයෙන් අප්‍රිකාවට ලකුණු 282ක ජයක්

දෙවැනි ටෙස්ට් තරගයෙන් අප්‍රිකාවට ලකුණු 282ක ජයක්

By Nadeeshan Meedin

Jan 05, 2017 | 5:17 pm

  • ශ්‍රී ලංකා දෙවැනි ඉනිම ලකුණු 224 කට සීමා වෙයි.
  • දෙවැනි ටෙස්ට් තරගයත් ජයගත් දකුණු අප්‍රිකාවට තරගාවලියේ පෙරමුණ
  • තරගයේ වීරයා රබාඩා

දකුණු අප්‍රිකාවේ කේප්ටවුන් හී නිව්ලන්ඩ්ස් පිටියේ පැවති දෙවැනි ටෙස්ට් තරගය දිනක් ඉතිරිව තිබියදී ජය ගැනීමට දකුණු අප්‍රිකානුවන් සමත්විය.

ලකුණු 282 කින් ජයගත් ඔවුන් තරග තුනකින් සමන්විත තරගාවලිය තරගයක් ඉතිරිව තිබියදී ජය ගත්තේ, තරග 2ට 0 ක් ලෙස වේ.

අද දිනය ආරම්භ වනවිට ශ්‍රී ලංකා කණ්ඩායම දෙවැනි ඉනිම වෙනුවෙන් කඩුලු 4 ක් දැවී ලකුණු 130 ක් ලබා සිටියද,  අද පන්දුවාර 22 ක් තුළ සියලු දෙනා දැවී ලකුණු 224 ක් ලබා සිටියදියි.

අද දිනය තුළ ශ්‍රී ලංකා කණ්ඩායමට දෙවැනි ඉනිම වෙනුවෙන් රැස්කල හැකි වුනේ ලකුණුු 94 ක් පමණි.


දකුණු අප්‍රිකා පළමු ඉනිම 392 හා දෙවැනි ඉනිම 224/7
ශ්‍රී ලංකා පළමු ඉනිම 110 හා දෙවැනි ඉනිම 224