ගලෙන්බිඳුණුවැව ජීවිත දෙකක් ඩෙංගු මාරයාට බිලි

ගලෙන්බිඳුණුවැව ජීවිත දෙකක් ඩෙංගු මාරයාට බිලි

ගලෙන්බිඳුණුවැව ජීවිත දෙකක් ඩෙංගු මාරයාට බිලි

කර්තෘ Sagarika Chathumali

31 Jan, 2017 | 8:59 am

ඩෙංගු රෝගය හේතුවෙන් ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ මේ දිනවල වැඩි වශයෙන් ඩෙංගු රෝගය ව්‍යාප්ත වෙමින් පවතින අතර මේ වන විට ගලෙන්බිඳුණුවැව 65- 70 ක පමණ ඩෙංගු අසාධිතයින් ප්‍රමාණයක් රෝහගත කර තිබේ.

ඩෙංගු රෝගයෙන් එලෙස මිය ගොස් ඇත්තේ, කන්ණිමඩුව ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු හා අක්කර 20 ප්‍රදේශයේ පදිංචි කාන්තාවකි.

ඊයේ දින ගලෙන්බිඳුණුවැව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් පොලීසිය හා ප්‍රාදේශීය සභාව ඩෙංගු මදුරුවන් සිටින ස්ථාන හඳුනා ගැනීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කළේ ය.

මෙහිදී එම ප්‍රදේශයේ දූමායනය සිදු කරමින් පිරිසිදු කිරිමේ කටයුතු සිදු කළ අතර නිවෙස් හා ව්‍යාපාර ස්ථාන පරීක්ෂ කිරීම ද ඊයේ සිදු කෙරිණ.

එහිදී මදුරුවන් බෝවන ස්ථාන හඳුනා ගනිමින් ඉදිරි කාලයේ නඩු පැවරීමේ කටයුතු ද සිදු කළේ ය.

 

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]