රුසියානු කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු කොටුවෙයි

රුසියානු කාන්තාවකට ලිංගික අතවර කළ පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු කොටුවෙයි

කර්තෘ Hashini De Mel

29 Jan, 2017 | 11:27 am

ගල්කිස්ස මුහුදු තීරයේදී විදේශිය කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනා මත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.

පොලීසිය සඳහන් කළේ, ඊයේ පස්වරුවේ රුසියානු ජාතික කාන්තාව මුහුදේ දියනාමින් සිටියදී ඔවුන් මෙම අතවරය සිදු කර ඇති බව ය.

අත්අඩංගුවට ගැනීමට යාමේදී පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර පළා යාමට සැකකරුවන් උත්සහාදරා තිබුන ද මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ, ඇමති ආරක්ෂක කොට්ඨාසයට අනියුක්ත පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

ඔවුන් අවුරුදු 27 සහ 47 යන වයස් වල පසු වන මිරිහාන සහ කන්තලේ ප්‍රදේශවල පදිංචිකරුවන් වන අතර පොලීසිය සඳහන් කළේ, සැකකරුවන් අද ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන බව ය.

උණුසුම් පුවත්


අපගේ වෙබ් අඩවියේ හෝ වීඩියෝ නාලිකාවේ දැන්වීම් ප්‍රචාරය කිරීමට ඔබටත් අවශ්‍යයද ?
කරුණාකර අපව අමතන්න [email protected]